(විමුක්ති එස් රුද්‍රිගු)

රුපියල් කෝටි 520 ක ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද (07) ප්‍රකාශ කළේය.

එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී, නිල වශයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදෙනු ලැබූ බවද මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය. ටොන් තුනක පමණ බරින් යුත් මෙම ඖෂධ තොගයට ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදෙන බෙහෙත් පෙති ලක්ෂ 15 ක් පමණ ඇතුලත් වූ බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය ලබාදී ඇති අතර, ඖෂධ සපයා ගැනීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ සහාය ලැබී ඇත. ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීමේදී මුලින්ම භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ මෙම තොගයට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාදීමට මෙම පරිත්‍යාගය උපකාරී වනු ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.