(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය කියයි.
එම ගබඩාවේ රුපියල් කෝටි 7කට ආසන්න දේපල ගබඩා කර තිබූ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් ලබා දී නැතැයි පොලිසිය සඳහන් කරයි.
ගින්න නිවීම සඳහා හොරණ කළුතර මොරටුව හා දෙහිවල නගර සභාවල ගිනි නිවන ඒකක කැඳවා ඇත.
කොරෝනා ඇදුම් කට්ටල , මුහුණු ආවරණ , ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවේදී පළඳින ඇඳුම් පැළඳුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ රැසක් එහි ගබඩා කර තිබී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව සහාය සඳහා දෙහිවල කළුතර හා මොරටුව නගර සභාවල ගිනි නිවන ඒකක ද කැඳවූ බව හොරණ නගර සභාවේ යාන්ත්‍රික ගිනි භට පි ඩි අබේපාල මහතා පැවසීය.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ ඇතුළු ජල බවුසර් 11 මෙන්ම ගිනි භටයන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ කිසිවකු නො සිට ඇති අතර ගින්න පිළිබඳ දැඩි සැකයක් හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී