(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම සැලසුම්කරු ලොකු පැටී නැමැත්තා හෙට මෙරටට රැගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් වසරේ ජූලි මස 8 වෙනි දින ක්ලබ් වසන්ත ඇතුළු පිරිස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ කලාගාරයක ආරම්භක උත්සවයකට සහභාගි වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් ක්ලබ් වසන්ත ඝාතනයට ලක්වූ අතර ඔහුගේ බිරිඳ ඇතුළු තවත් කීප දෙනකු බරපතල තුවාල ලැබීය.
බෙලරැසි හි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ලොකු පැටී නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමකට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ක්ලබ් වසන්ත ඝාතනයේ මහා මොලකරු ලොකු පැටි හෙට මෙරටට