මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්‍ෂණය කළ ”කුස පබා” චිත‍්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ.
රන්මිහිතැන්නේ සම්පූර්ණයෙන්ම රූපගත කළ එකම චිත‍්‍රපටය වන ”කුසපබා” හි තිරනාටකය හා දෙබස් අභාවප‍්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. මෙම චිත‍්‍රපටය ලබන 2012 වසර ආරම්භයේදීම ඊ.ඒ.පී. ප‍්‍රදර්ශන මණ්ඩලයේ තිරගත කිරීමට නියමිත බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න ”රසවින්දන”ට පැවසීය.
”කුසපබා” චිත‍්‍රපටයේ ජැක්සන් ඇන්තනි. පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, පාලිත සිල්වා, කුසුම් රේණු, මහේන්ද්‍ර පෙරේරා, ගාමිණි ජයලත්, මහින්ද පතිරගේ, ආරියරත්න කළුආරච්චි, දිමුතු චින්තක සමග 1000ක් පමණ අතිරේක නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වූහ.
කැමරා කරණයෙන් චන්න දේශප‍්‍රිය, සංගීත අධ්‍යක්‍ෂණයෙන් රෝහණ වීරසිංහද, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේද, විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග නිර්මාණයෙන් බුඞී කීර්තිසේන ද, කලා අධ්‍යක්‍ෂණයෙන් හීනටිගල පේ‍්‍රමදාසද, වස්ත‍්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික‍්‍රමාරච්චිද, නැටුම් අධ්‍යක්‍ෂණයෙන් චන්දන වික‍්‍රමසිංහද, වේශ නිරූපණයෙන් අනිල් හා ප‍්‍රතාප් (ඉන්දියානු ජාතික) සමග සමීර කිදෙල්පිටිය, චන්ද්‍රසිරි රාජපක්ෂ හා පේ‍්‍රමලාල් ගුණතිලකද, ප‍්‍රධාන සහාය අධ්‍යක්‍ෂණයෙන් දමින්ද ඞී. මඩවල ද, දෙවැනි සහාය අධ්‍යක්‍ෂණයෙන් සමීර රංගන නාඔටුන් ද, විධායක නිෂ්පාදනයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක ද, රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය ද ”කුසපබා”ට දායක වූහ.
”කුසපබා” චිත‍්‍රපටයේ නිෂ්පාදක මඬුල්ල ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, එච්.ඞී. පේ‍්‍රමසිරි, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී. ප‍්‍රනාන්දු, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, රසිත ජිනසේන, ජනිත මාරසිංහ හා ජස්ටින් බෙලගමගේ කටයුතු කළහ.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුස පබා
නිත්‍යා Wednesday, 09 January 2013 11:20 AM
පබා ඔයානම් ඇත්තෙන්ම ලස්සනයි (ස)