
(සුජිත් හේවාජුලිගේ )
හොරුන්, වංචාකාරයන් හා අපරාධකරුවන් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළහොත් ඒ මොහොතේම ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම අවසන් වනු ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
වත්මන් ඒකාබද්ධ විපක්ෂයට කිසිදු ප්‍රතිපත්ති රාමුවක් නොමැති බවත් ප්‍රතිපත්තියක් නැති තැනකට තමා නොයන බවත් ඔහු සඳහන් කළේය
ආණ්ඩුව පෙරලීමට තවම කාලය උදාවී නැතැයි පැවසු නානායක්කාර මහතා ඒ සඳහා තව කල් ඇති බවද ප්‍රකාශ කළේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට මොලේ පෑදෙන ලෙඩක් සමහරුන්ට හැදෙනවා.