IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්

(රෝෂන් තුෂාර)

මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය  සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ,ජාතික ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට  නියෝග රැසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක් මාලි මහත්මිය අද නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ශ්‍රී ලංකා යුද හමුදාවට,මැණික් හා ස්වර්ණාභරණණ අධිකාරියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට,අපරාධ වාර්තා කොට්ඨාසයට,ලංකා බැංකුවට  නිකුත් කළ අතර,අදාළ විමර්ශනයන් භාරව කටයුතු කරන සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ලේඛනයක්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.

රන් භාණ්ඩ සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව සියලු රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු තුළ ගබඩා කිරීමට කිරීමට ද මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය. 



අදහස් (9)

උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්

මාබංකුසිංහ Monday, 05 May 2025 01:50 PM

මහබැංකු සේප්පුවේ යතුරු දෙකෙන් එකක් මටයි, අනික රාජපක්ෂ කෙනෙකුටයි දෙන්න හොඳේ. ටුයි, ටුයි...!

:       4       15

ගොඩ්වින් Monday, 05 May 2025 01:51 PM

රන් මාල ටික ශිරන්ති නෝනාත්, රන් මුදු සහ අත්පළඳනා මහින්ද මහතා සහ පුතුන් තිදෙනාත්, ඉතිරි රන් භාණ්ඩ රාජපක්ෂ පවුලේ අනෙක් අයත් බෙදාගත් බවත් ෆොන්සේකා මහතා ඊට එරෙහි වීම නිසා ඔහු සමග උරණ වූ බවත් රටේ වාසනාවට ජවිපෙ ප්‍රමුඛ මාලිමාව බලයට පැමිණ මෙම ඓතිහාසික අසාධාරණයට එරෙහිව කටයුතු කරමින් සාධාරණය ඉටු කළා... වැනි කතාවක් නිර්මණය කරලා වත් සමාජ මාධ්‍යයේ ආණ්ඩුව අපුල්ලන වැලේ වැල් නැති අප්පුහාමිලාට හුස්මක් ගන්නට අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු....

:       17       3

The Three Idiots Monday, 05 May 2025 02:51 PM

නෝනා? මහත්තයා? - තාම වහල්භාවය අත් හැර නැති ඇන්දුනු දේශප්‍රේමියෙක්...!

:       3       12

සෙනෙවිරත්න Monday, 05 May 2025 03:25 PM

එදා රාජපක්ෂලට රන් ගත්තා කියලා චෝදනා එනකොට මේවා මේ පිළිවෙළට රජයට බාරදීලා නිදහස් වෙන්නේ නැතිව මේව තියාගත්තේ සදාකල් බලයේ ඉන්න අදහස ඇතිව වැඩේ කල් ගියහම හෙමින්ම ⁣ගෙදර ගෙනියන අදහසින් කියලා හිතන්න බැරිද?

:       2       2

සම්න් විමල් Monday, 05 May 2025 03:25 PM

සෑම දේටම උම්බෑ කියන, බුරා පනින වහල්ලු තිදෙනෙක්

:       4       1

The Three Idiots Monday, 05 May 2025 04:03 PM

ටිකක් රිදුනද? වහල්කම හිතේ තියෙන්නේ. ගැලවෙන්න පුලුවන් තමන්ටමයි...

:       0       0

සම්න් විමල් Monday, 05 May 2025 03:25 PM

සෑම දේටම උම්බෑ කියන වහල්ලු ....

:       4       1

ගුණරත්න Monday, 05 May 2025 03:32 PM

ඔය රත්තරන් මෙතෙක් කල් හමුදාව භාරයේ තිබ්බා, නමුත් දේශපාලන වාසි ගන්න පහර දුන්නේ ගිය ආණ්ඩුවල ප්‍රධානීන්ට, දැන් මිනිස්සුන්ට ටිකෙන් ටික තේරුම් යනවා... ඒ කාලෙත් මොවුන් කරලා තියෙන්නේ පච විදිල්ල නේද කියලා...?

:       4       0

කපුරු හාමි Monday, 05 May 2025 03:54 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව තිබුණා නම් මෙළහකටත් මේවාට මොනවා වෙයිද ? කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේ කවුද නොදන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 5 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 159 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 355 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 49 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


ජනපති වියට්නාම ජනපති හමුවෙයි
2025 මැයි මස 05 226 1

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
2025 මැයි මස 05 238 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 702 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 182 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site