(බිමල් ශයාමන් ජයසිංහ)

මත්ද්‍රව‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් 24,921.537  ඊසි කෑෂ් ක්‍රමයට බැර වූ දුරකථනයක සිම්පතක ලියා පදිංචි හිමිකරු  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 27 වැනි දින අයිස් මත්ද්‍රව‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම මත්ද්‍රව්‍ය ජාවාරමට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

අයිස් මත්ද්‍ර්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුරවිමර්ශනයේදී මත්ද්‍රව‍ය ජාවාරම් සිදුකර උපයා ගන්නා ලද මුදල් හුවමාරු කරන ලද බවට සැකකරණ හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී යැයි පොලිස කියයි.

එම තොරතුරුවලට අදාළව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම ගිණුම හරහා රුපියල් හතළිස් නව ලක්ෂ එකොළොස් දහස් එකසීයක මුදලක් සංසරණය වී ඇති බවට කරුණු තහවුරු කරගැනීමට හැකිවූූ බව විමර්ශන නිලධාරියකු පැවසීය.