IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා  ප්‍රකාශ කළේය.

යෝජිත සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකි වීමෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ හිමිකරගෙන ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම අහිමි වීම වැළකුණද, සියයට 30 ක තීරු බද්ද අපනයනකරුවන්ට තරඟකාරිත්වය පවත්වා ගෙන යා හැකි තිරසාර විසඳුමක් නොවන බව සභාපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ රබර් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් තුනෙන් එකක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳපොළෙන් වන බවත් ඇමෙරිකාව මෙරට රබර් කර්මාන්තයට ඉතා වැදගත් අපනයන වෙළෙඳපොළක් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සියයට 30ක තීරු බද්ද සුළු පරිමාණ නිෂ්පාදකයින් සහ කුඩා රබර් වගාකරුවන් දහස් ගණනකට ක්ෂණිකව බලපෑම් එල්ල කරනු ඇතැයි ඔහු පැවැසුවේය.

 



අදහස් (0)

ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site