(අංජුල මහික වීරරත්න)

සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ප්‍රකාශ කළාය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාවේදී  "PET EXPO 2026" ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 

ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ "ආලෝකා" ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරිය  කටයුතු කළාය. එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් අග්‍රාමාත්‍යවරිය  විසින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළා