(ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන ආසන්නයේ ඇති දොර විවෘත වීම හේතුවෙන් රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ගොස් ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර සනත් ප්‍රසන්න මහතා කීය.
තුවාල ලැබූවන් බරපතල තත්ත්වයේ නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරලිය උයනේදී බස් රථයක් පෙරළෙයි: 15ක් රෝහලට
Hasith Thursday, 03 July 2025 04:01 PM
සීට් බෙල්ට් දාන්න කිව්වාම වගේ වගක් නැහැ. නිස්කාරණේ මිනිස්සු මරන්න තමයි හදන්නේ...
Amal Thursday, 03 July 2025 04:50 PM
හැමෝම හිතන්නේ දෙපානම ප්‍රදේශයේ තියෙන අරලිය උයනේදී මේ සිද්ධිය වෙලා කියලා....නමුත් ඇත්තටම කොළඹින් කිලෝ මීටර් ගණනාවක් ඈත පැත්තක් ගැනයි මේ කියන්නේ...