(රංජිත් රාජපක්ෂ)

අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා යළිත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබූවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු , සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපති වරයාය.