IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අප්සාරි සහ චාරිකාගෙන් සුකි-රූ (Suki-Ru)

අප්සාරි සිංහබාහු යනු අපේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳය. චාරිකා යනු ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂතම වේගපන්දු යවන්නෙකු මෙන්ම වත්මනෙහි ජාතික පුහුණුකරුවෙකු වන (අඩුම වයසින් ඒ තනතුර ලැබූ) ප‍්‍රභාත් නිස්සංකගේ බිරිඳය. දැන් මේ දෙදෙනා එක්ව සුකි-රූ (Suki-Ru)නමින් ආයතනයක් අරඹා තිබේ. මෙය රූපලාවන්‍ය ආයතනයකි. බම්බලපිටිය වජිර පාරේ ආරම්භ කරන ලද මෙම සුකි - රූ රූපලාවන්‍ය ආයතනයෙහි ශ්‍රී ලංකාවේ ඇති දහස් සංඛ්‍යාත රූපලාවන්‍ය ආයතනවලට වඩා ඇති වෙනස්කම් මොනවාද? අප්සාරි සහ චාරිකා හමුව ඒ ගැන කතා කරමු. සුකි-රූ (Suki-Ru) මෙහි තේරුම? මේ නම දැම්මේ ඇයි? මහේශාඛ්‍ය වූ, වංශවත්, කුලවත් දේවියගේ රූප ස්වභාවය ගැන වර්ණනා කිරීම යන අරුත මුල්කොට ගෙනයි මේ නම නිර්මාණය වන්නෙ. මේ විදියට ඔබ දෙදෙනා එකතු වී මෙවැනි දෙයක් ආරම්භ කිරීමට හේතුව? මෙය ඇත්තටම අහම්බයක්. කලින් අපේ හිතවත් කට්ටියක් මෙතැන සැලෝන් එකක් පවත්වාගෙන ගියා. නමුත් ඒ අය විදෙස්ගත වන නිසා මෙය කරගෙන යන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට තමයි අපි දෙන්නම එකතු වෙලා මෙය පවත්වාගෙන යාමට තීරණය කළේ. කොහොමටත් අපි දෙන්නා හොඳ මිතුරියන්. ඒ නිසා අපි මේ රූපලාවන්‍ය ආයතනය පටන්ගත්තා. අප්සාරි ඔබට රූපලාවන්‍ය ගැන ඇති දැනුම මොන වගේද? ඒ කාලයේදී මම හිටියෙ ජපානයේ. අපේ අම්මගේ යාළුවෙකුට සැලොන් එකක් තිබුණා. ඉඳහිට එහේ ගිහින් මාත් යම් යම් දේ ඉගෙන ගත්තා. ශ්‍රී ලංකන් එයාර් එකට සම්බන්ධ වී ගුවන් සේවිකාවක වීමෙන් පසුව අපට නිරන්තරයෙන් රූපලාවන්‍ය හා බැඳි අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. එමිරේට්ස් ගුවන් සේවයට ගියාම ඒ රූපලාවන්‍ය කටයුතු තවත් වර්ධනය වුණා. නිතරම සමාජය සමග ගැටෙන නිසා විලාසිතා සහ පි‍්‍රයමනාපව සිටීම ආදී සියල්ල ගැන බොහෝ අත්දැකීම් එහිදී ලැබුවා. එතකොට චාරිකා? ඔව්, මම රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන්න පටන් ගත්තාම බොහෝදුරට කටයුතු කළේ විලාසිතා සහ මේ අංශයට සම්බන්ධවයි. (මුල් කාලයේදී) පසුව ඊට ඇති කැමැත්ත නිසාම පුද්ගලිකව ඒ සියල්ල ගැන අවබෝධය දැනුම ලබාගත්තා. මෙම රූපලාවන්‍ය ආයතනය වෙතින් මොනවගේ රූපලාවන්‍ය කටයුතුද සිදුකෙරෙන්නේ? ඇත්තටම කිව්වොත් මෙය තවත් එක් රූපලාවන්‍ය ආයතනයක් නොවෙයි. මුහුණේ ආලේප තැවරීම කරන තැනක් නොවෙයි. අද රූපලාවන්‍ය කියන දේ ගමටත් ගිහින්. නමුත් බොහෝදෙනාට මෙහි හරය ගැන වැටහීමක් නැහැ. නිවැරදි ගලපාගැනීම ගැන සමහරු දන්නෙ නැහැ. ලස්සනට සිටීම කියන්නෙ බාහිරව සිටීම විතරක් නෙවෙයි. අපි දන්න දෙයින් සමාජය ලස්සන කරන්න බොහෝ දේ කළ හැකියි. අපට ඉතා පළපුරුදු වෘත්තිකයන් පිරිසක් සිටිනවා. ඒ අය රූපලාවන්‍ය කටයුතු සිදු කරන අතරේ ජීවිතය ලස්සනට තබාගැනීම වෙනුවෙන් උපදෙස් පවා අපි ලබාදෙනවා. ඇත්තටම ඇතුළාන්තය ලස්සන නැතිව පිටත විතරක් ලස්සන වෙන්නෙ නැහැ. අපි දෙන්නා ප‍්‍රසිද්ධ චරිත දෙකක බිරින්දෑවරුන් දෙන්නෙක් නිසා අප වටා සිටින සමාජය වඩා පුළුල්. අපි අපේ සේවය සඳහා එන අයට ලස්සනට අඳින විදිය සහ සියල්ල ලස්සනට ගලපා ගන්නා විදිය ගැන පවා උපදෙස් දීමට සූදානම්. සමහර අයට වත් පොහොසත්කම් තිබුණාට ක‍්‍රමවත් සහ ලස්සනට සියල්ල ගලපා ගැනීම ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ අවබෝධය ලබාදීම අපේ ප‍්‍රයත්නයයි. ඇත්තටම අපි මෙය පටන්ගත්තේ ලාභ ඉපයීමම ප‍්‍රධාන පරමාර්ථය කරගෙන නෙවෙයි. මේ කටයුතු සඳහා සිටින පළපුරුදු කණ්ඩායම මෙතැනට පැමිණෙන ග‍්‍රාහකයන්ට සියල්ල ගැන වටහලා දේවි. ඇත්තටම  ඕනෑම කාන්තාවකගේ සැඟවුණු ලස්සනක් තියෙනවා. අවශ්‍ය සේවය ලබා දී ඒ සැඟවුණු ලස්සන මතුකර දීම සිදුවේවි. රූපලාවන්‍ය කියන දේ අද ඉතා පුළුල් ව්‍යාපාර අංශයක් වෙලා. මේ ව්‍යාපාර ස්වභාවය මත හැමෝම උත්සාහ ගන්නේ තම ග‍්‍රාහක පිරිස වැඩිකර ගැනීමට මිස මෙහි හරය, ගුණය රැකගැනීමට නෙවෙයි නේද? සමාජය දියුණු වන විට තරගකාරී බව නිරන්තරයෙන් මතුවන දෙයක්. ලෝකයේ කොතනත් යහපත් සහ නිර්මාණශීලී කලාවක් තියෙනවා. නමුත් කොපමණ මිල මුදල් තිබුණත් සමහර අයට මේ ආර්ට් එක (නිර්මාණශීලීත්වය) හඳුනාගන්න බැහැ. ඒ නිසා හරි දේ හරියට කිරීම වගේම උසස් කලාවේ රසය සමාජයට දායාද කිරීම අපේ අරමුණයි. විශේෂයෙන්ම කියන්න  ඕන දේ වන්නේ මෙය අපි පටන්ගත්තේ තවත් කවුරුත් පරද්දවන්න නම් නෙවෙයි. අපේ දැනුමෙන් ජීවිතය සැබෑ ලෙස හැඩකර ගැනීමට සමාජයට යමක් දීමේ අරමුණ ඇතිවයි. අප්සාරි කොහොමද ජීවිතේ අලූත් තොරතුරු? සුන්දරයි. පුතාලා තුන්දෙනා එක්ක විවේකීව කාලය ගත කිරීමට හෂාන්ට දැන් අවස්ථාව ලැබිලා. ඇත්තටම එය සතුටට කරුණක්. කී‍්‍රඩකයෙකු ලෙස එයා සෑහෙන කාලයක් අතිශය කාර්යය බහුලව සිටියා. දැන් පළාත් සභාවේ වැඩකටයුතුවලට අමතරව නිවාඩු පාඩුවේ පුතාලාට කි‍්‍රකට් පුහුණුවීම් පවා ලබාදෙනවා. එතකොට චාරිකා ඔබගේ තොරතුරු? මේ දිනවල ස්වර්ණවාහිනිය ගෙන එන බෞද්ධ වැඩසටහන් මාලාවක නිවේදන කටයුතුවලට දායක වෙනවා. (පෝය දින ධර්ම සාකච්ඡා) මම බෞද්ධ දර්ශනය ගැන යම්තාක් දුරට හදාරලා තියෙන නිසා ඒ අංශයට වඩා කැමතියි. ඉදිරියේදී මනෝ විද්‍යා අංශයේ උපදේශිකාවක ලෙස කටයුතු කිරීමට ආසයි. ප‍්‍රභාත්ගෙන් මේ සියල්ලට ලැබෙන සහයෝගය, අවබෝධය ඉහළයි. මේ සැලෝන් එකේ අයකිරීම් එහෙම කොහොමද? අපි රූපලාවන්‍ය සඳහා යොදාගන්නේ උසස්ම ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන. බොරුවට සල්ලි නාස්තිකරන තැනක් නෙවෙයි මෙතැන. අපේ කාන්තාවන්ට සැබෑ ලෙස සිතිවිලි වලින්ම ලස්සන වීමට අවශ්‍ය සියලූ යහපත් උපදේශන අපි ලබාදෙනවා. රූපලාවන්‍ය කලාවේ උසස් වින්දනයක් ලබාදීම සහ හරය - ගුණය රැකීම අපේ පරමාර්ථයයි.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

අප්සාරි සහ චාරිකාගෙන් සුකි-රූ (Suki-Ru)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site