නිශාචර පක්ෂියකු වන අටුවෙස් බස්සන් තිදෙනකු ළගදීම ලාහුගල වනෝද්‍යානයට මුදා හැරීමට යයි.
කලාතුරකින් දැකිය හැකි බස්සන් තිදෙනාගේ වයස මාස තුනහමාරකි.නිවෙසක සිවිලිමක් අස්සෙන් මෙවුන් සොයාගන්නා විට ලේ පැහැ බෝල තුනක් මෙන් දිස් විය.
නිශාචර පක්ෂියකු වන අටුවෙස් බස්සන් තිදෙනකු ළගදීම ලාහුගල වනෝද්‍යානයට මුදා හැරීමට යයි.
කලාතුරකින් දැකිය හැකි බස්සන් තිදෙනාගේ වයස මාස තුනහමාරකි.නිවෙසක සිවිලිමක් අස්සෙන් මෙවුන් සොයාගන්නා විට ලේ පැහැ බෝල තුනක් මෙන් දිස් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට තනියම කැලේ ජීවත්වෙන්න පුලුවන්ද? මාස 3 කියන්නේ ආහාර සොයාගන්නවත් බැරුව ඇති (නි)
මේ පක්ෂීන්ට අනතුරක් නොවෙන්න වගබලා ගන්න. මාස තුනහමාරකින් නිදහස් කරන්න, තාම පොඩි වැඩි නැද්ද? (නි)
මෙවැනි හොඳ ක්‍රියා හැමවිටම අගය කළයුතුයි. (නි)
කපුටන් මේ සතුන්ගේ ප්‍රධාන විලෝපිකයාය. මේ සතුන් මුදාහැරිය යුත්තේ රාත්‍රී කාලයේ මහා ඝන වනාන්තර මැදට ගොස්ය. මේවා අපේ වනජීවී කට්ටිය දන්නවා යැයි අනුමාන කරමි. (නි)
බස්සා හා බකමුණා යනු එකම සතෙක්ද නැතහොත් සත්ව වර්ග දෙකක්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)
ප්‍රශ්නේ තියෙන්නේ නිදහස් කළත් මොවුන් ආහාර ගොදුරුකර ගන්න දන්නේ නැති නිසා කන්න නැතුව මැරෙන්න වෙයිද කියන එකයි (නි)
කූඩුවකට දාලා හිරනොකර ඔහොම කරන එක හොඳයි. අපේ රටේ තිබෙන ලස්සන ස්වභාවික සම්පත් මේවා (නි)
මෙයාට අටුවෙස් බැස්සා කිවේ ඇයි? කවුරු දාපු නමක් ද? දන්නා කෙනෙක් අපිටත් කියා දෙන්න (දිල්)
සතුන් තමන් ජීවත්වන පරිසරයේ අභියෝග වලට මුහුණදීම, ආහාර සොයාගැනීම ආදිය පුහුණු වෙන්නේ තම මවගෙන්. මවගෙන් වෙන්ව හැදුනු මේ සතුන් පරිසරයට මුදාහැරිය විට වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා වැඩියි. සීලිමේ බිත්තර දාන්න ඇත්තේ අම්මනේ. ඒ අම්මා පැටවා ඉගිලවනතෙක් ඉවසා නොසිට ඉවත් කර ඇති කළ එක වැරදියි. (නි)
අනේ! හරිම හුරතල් (නි)
තිලක්, ඔබ නිවැරදි බව මම සිතනවා (නි)
බස්සා ඉතා කුඩා කුරුල්ලෙක්. බකමුණා කපුටෙකුටත් වඩා ලොකු වෙන කුරුල්ලෙක්. දෙදෙනාම නිශාචරයි, මාංශ භක්ෂකයි (නි)
මම දවසක් දියවන්නාවට ගියා මේ ජාතියේ බැස්සෝ ගොඩක් මම දැක්ක මේ වගේමයි ඇරපු අතක් නැහැ ! (අ)
බස්සා කෑගහන එක හොද නැතිලු. හොල්මන් වෙනවලු. අමුතු පාළුව දැනෙනවා. කාටවත් නොකිය ලිපට ලුනුකටය දල පුපුරනකොට වූ යනවලු. අපේ අම්ම කියාදුන්නා...උලලේන කියන්නෙත් මෙයටම තමයි කියනවා . මතකයිනේ කපුගේගෙ සින්දුව (අ)
සිවිලිමේ සිටියා නම් ඔවුන්ට අම්ම කෙනෙක් සිටින්නට ඇත. ආරක්ෂාව ඇතියි සිතුවත් එය මිනිස්සුන් අතින් අහිමි විය. සුටික්කන්, දෙමලිච්චන්, කව්ඩන්, වැහි ලේනුන් වැනි සතුන් පැටව දාන්නේ නිවාස තුල හෝ ආසන්නයේය. (අ)
මේ බකමූණන් දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව දක්වා පැතිරි ඉන්න වර්ගයක්. (නි)
පිටබැද්දර ජයා වගේම මමත් දැක්කා, ඒ බස්සෝ ටික. මෙච්චර ලස්සන නැහැ (නි)
මේ සත්තු බස්සෝ තමා. බකමුණා මිට වඩා ලොකුයි වගේම ඇස් විශාලයි. සමහර යුරෝපා රටවල මෙයාටයි බකමුණා කියන්නේ. එයාල ඇත්ත බකමුණෝ දැකල නෑ. (ස)
කලාතුරකින් දකින්න ලැබෙන සොඳුරු දසුනක් (නි)
මෙවන් පක්ෂීන් දැකගැනීමට හැකිවීම ගැන ලංකාදීපයට තුති! (නි)
ඉතාම හොඳ වැඩක්.සත්තු වත්තේ කූඩු කරනවට වඩා, කැලේට මුදාහැරීම තමයි කාලෝචිත ක්‍රියාව. (නි)