IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට කෝටි 10ක්

(නිමල කොඩිතුවක්කු)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාරදෙනු ලැබීය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව මෙම පරිත්‍යාගය ලබා දීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට කෝටි 10ක්

rohan Friday, 04 July 2025 10:03 PM

මේ විදිහට සල්ලි මොකටද දෙන්නේ...? අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්නයි... මේ දීපු මුදල්වලින් මොනවද කළේ කියලා අපි කොහොමද දැනගන්නේ?

:       0       1

Samantha Saturday, 05 July 2025 01:05 AM

මෙය නීති විරෝධියි...!

:       0       3

අරවින්ද මොණරවිල Saturday, 05 July 2025 09:16 AM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු පිට පාඩු ලබද්දී, ඒ ගාණටම තෙල් විකුණලා අයි ඕ.සී. එක ලාබත් ලබලා රටට කෝටි ගණන් මුදලින් ආධාරත් කරනවා. මේකම ඇති ඔලුව ඇතුලේ මොළය කළදක් හො තියෙන එකෙකුට තේරුම් ගන්න... මෙතෙක් කාලයක් රට පාලනය කල හොර නඩය රටට කෙරුව විනාශය කොතරම්ද කියලා....

:       1       7

H.A.Gunarthna Saturday, 05 July 2025 12:03 PM

සිපෙට්කෝ එකට ජනාධිපති අරමුදලට සල්ලි දෙන්න වෙලා තියෙන්නේ... ඒකාධිකාරයක් ගොඩ නොනැගෙන ලෙස රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි...

:       3       5

ලයන් Saturday, 05 July 2025 12:39 PM

බයක් නැහැ දැන් මේ මුදල් අවශ්‍ය අයට ලැබේවි, දේශපාලුවන්ට මේ අරමුදල් වලට අතගහන්න ලැබෙන්නේ නැහැ

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site