හඳුනානොගත් ද්‍රව්‍ය දිඹුලාගලට පතිත වෙයි
ඵෙතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අවට අහසේ සිට සුදු පැහැති ද්‍රව්‍යමය කැබලි කොටස් දිඹුලාගල, දලුකාන, නාමල්පොකුණ, මැදගම සහ ඒ අවට ගම්මාන වලට අද (26) උදෑසන සිට පැය ගණනාවක් මහපොළොවට වැටෙමින් පවතින බව ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති. එලෙස වැටෙන සුදු පැහැති කැබලි කොටස් විදුලි රැහැන් මත සහ ශාක පත්‍රවල දැවටී තිබෙන බවද ප්‍රදේශවාසීහු සදහන් කරති.