චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 23 April 2024
අනුර දුන් දිනවල සජිත්ට වැඩලු සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්ෂය පවසයි. 23 April 2024
චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (23) පෙරවරුවේ හමුවිය. 23 April 2024
චීටා බළකාය යාල පීරයි පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 April 2024
එජාප මැයි රැලිය මරදානේදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි. 23 April 2024
හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැවිරිදි සැකකාරියක් බදුල්ලේදී (23) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 23 April 2024
මාර්තු උද්ධමනය පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 23 April 2024
ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. 23 April 2024
මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ. 23 April 2024
රොෂාන් රණසිංහත් ජනපති සටනට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය. 23 April 2024
රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 23 April 2024
තායිවානයේ භූ කම්පන වැලක් තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 23 April 2024
පළාත් කීපයකට හවස වැස්ස බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 April 2024
පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 23 April 2024
කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චුටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා යැයි ඤාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය පැවසුවාය. 22 April 2024
‘‘මුදල් වෙන් කළ හැටි රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්න‘‘ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද? යන්න පිළිබඳව රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය භාන්ඩාගාර ලේකම්වරයාට අද (22) නියම කළාය. 22 April 2024
මෛත්‍රීපාල නිදහස් පක්ෂය වෙන්දේසි කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ හිටපු සභාපතිවරයා පක්ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පැවැසීය. 22 April 2024
නිකම් දෙන සහල් කවරය දෙන්න රුපියල් 100ක් ගරලා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති. 22 April 2024
අනුර කුමාර විවාදයට දින දෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබේ. 22 April 2024
ශ්‍රී ලංකන් මිලට ගන්න පිරිස අතර ධම්මික පෙරේරාත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. 22 April 2024
උප්පැන්නය නැති අයට හැදුනුම්පත හදන්න තවත් කාලය වයස අවුරුදු 40 ඉක්මවූ ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින මෙරට පුරවැසියන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය. 22 April 2024
පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක් මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්ෂිත ඉලක්කය ඉක්වා ඇති බවත් එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 22 April 2024
ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් 2කට අධි චෝදනා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට,එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (22) පැවසීය. 22 April 2024
ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න රාම මාවත එළදකී ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය. 22 April 2024
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙනි. 22 April 2024
’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’ රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය. 22 April 2024
පොලිසිය - බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතුයි පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 April 2024
පොලීසිය යැයි පවසා නිවසක් කොල්ලකාලා නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද(22) කඩා වැදි එහි තිබු රන් ආභරණ,මුදල් ජංගම මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 22 April 2024
විජේදාස -සර්ව ආගමික නායක හමුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායකයන් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද(22) සිදුවිය. 22 April 2024
ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට මේ සතියේදී කැඳවෙති. 22 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026