පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 28 August 2024
උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරනවා උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2024
සුසිල් ජයතුංග ඇප ඉල්ලයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමන්ව ඇප මත මුදා හරින ලෙස නීතිඥභවය අත්හිටුවා සිටින සුසිල් ජයතුංග මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයන් ඉල්ලා සිටියේය. 28 August 2024
උතුරු බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වාර්ෂනය වන ලකුණු උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. 28 August 2024
ළමා නිවාසයක දැරියෝ තිදෙනෙක් අතුරුදන් මාතලේ ළමා නිවාසයක සිටි පාසල් සිසුවියන් තිදෙනෙකු එම ළමා නිවාසයෙන් අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 28 August 2024
රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප කැනඩා රටේ රැකියා ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය. 28 August 2024
කෝටියක රට බඩු සමග 5ක් අත්අඩංගුවට රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබේ . 28 August 2024
ක්ලබ් වසන්ත ඝාතකයා දින 90ක් රැඳවුම් බාරයේ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය. 28 August 2024
“සොබාදනවි” විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි. 28 August 2024
ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය. 28 August 2024
රජය වී ගන්න හදද්දී වෙළෙන්දන් අරන් ගිහින් මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති. 28 August 2024
සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ . 28 August 2024
ජීවිතේ එපා වූවන්ට ජීවිතේ දෙන්න පාපැදි සවාරියක් සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි හෝ ක්‍රියාවන්ට මග පාදන විවිධ පීඩන සහ අර්බුද වලින් හිරිහැර විඳින පුද්ගලයන්ට එයට පිළිතුරක් ලබා ගැනීම සඳහා මග පෑදීමට නොමිලේ ක්‍රියාත්මක වන 1333 දුරකතන අංකය සහ එම සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ’’බයිකතන් 2024’’ පාපැදි සවාරියේ පළමු අදියර හෙට (29) කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ විය. 28 August 2024
ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 28 August 2024
බලපත් රහිත මත්පැන් නිෂ්පාදනාගරයක් වටලයි කුලී පදනම මත ලබා ගත් නිවසක මාස තුනක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බලපත් රහිත මත්පැන් නිශ්පාදනාගාරයක් කඩුවෙල ප්‍රදේශයේ දී වටලා එක් සැකකරුවකු සමගින් මත්පැන් බෝතල් තොගයක් අද (28) දින අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 28 August 2024
අනුන් පුම්බන ජනපති අපේක්ෂකයන්ට ගුවන් කාලය නෑ වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ලබා දෙන නිදහස් ගුවන් කාලය නොදීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. 28 August 2024
මහනුවර පවුල් 1386ක් මරුවා සමග වාසේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1386ක් නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 August 2024
බඹරු ඇන පාසල් සිසුන් 10 ක් ඇතුළු 13ක් රෝහලේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ මව්පියන් තිදෙනෙකුට බඹරුන් දෂ්ට කිරීමෙන් කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය කියයි. 28 August 2024
මට ඉන්නෙ අභියෝග ජයගන්න පුළුවන් කණ්ඩායමක් රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 August 2024
‘තායිපේ සිටි කප්‘ තරඟාවලියෙන් පදක්කම් 05 ක් තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 28 August 2024
‘‘ගෙඹි දේශපාලනය තුරන් කරනවා‘‘ ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී පැවසීය. 28 August 2024
බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවනවා ජනතාවගේ අරමුණ සහ පාලකයන්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් මෙවර පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාලඹේ දී පැවසීය. 28 August 2024
මාලිමාව රට හදන්නේ මෙහෙමයි ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි. 28 August 2024
හොරෙන් ගෙනා ෆොන් සමඟ අයෙක් දැලේ ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරීන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 75 කට ආසන්න වටිනාවකින් යුත් ජංගම දුරකථන 650 ක සංඛ්‍යාවක් සමග සැකකරුවෙක් නොරෝච්චෝල කරඹ පොලිස් නාවික මාර්ග බාධකයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 August 2024
රබර් වගාවටත් 4000ක පොහොර සහනාධාරයක් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය. 28 August 2024
තේ දළු ට්රැක්ටරය පෙරැළී අයෙක් මරුට බණ්ඩාරවෙල පූනාගල වත්ත උඩහේන මාර්ගයේ දී තේ දළු එකතු කිරිමට යමින් තිබූ ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමෙන් රියසහයක මියගොස් රියදුරු බරපතළ තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කළ බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 28 August 2024
මත් ජාවාරම්කරුවෙක් ගුවන්තොටේදී මාට්ටු පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයට හප්පා අනතුරකට ලක් කිරීමට තැත් කළ , මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනාවට ලක් වී සිටින 23 හැවිරිදි සැකකරුවෙක් ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ. 28 August 2024
කඩින් කඩ අදත් වැසි උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්රික්කවලත්සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 August 2024
විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 27 August 2024
ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. 27 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026