IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය.

"ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද" යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ ශක්තිමත් නිසා ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ ආධිපත්‍යය අඛණ්ඩව පැවතුණ බවත් නමුත් මේ වන විට ඩොලරයට අභියෝගයක් එල්ල වී ඇති බවත් ඒ මහතා කීය.

මෑතකදී චීනය සහ ඉන්දියාව වැනි රටවල් ආර්ථික බලවතුන් ලෙස නැගී සිටිමින් ඇති බවත් චීනය, රුසියාව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල ලෝක ජනගහනයෙන් සියයට 40 ක් නියෝජනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එය විශාල වෙලඳපල කොටසක් මෙන්ම  ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ  බ්‍රික්ස් රටවල සිදුවන බවත් බ්‍රික්ස් රටවල් ඔවුන්ගේම ජාත්‍යන්තර  මුදල් ඒකකයකට යෝජනාවක් ගෙන හෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා පැවසීය.

චීනය හා ඉන්දියාව අතර පවතින දේශපාලන ප්‍රතිවිරෝධය හේතුවෙන් එය තවමත්  යථාර්ථයක් වී නැති අතර ශ්‍රී ලංකාවට  ආනයන කිරීමේදී වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් නිසා චීන යුවාන්,  ඉන්දියානු රුපියල්, රුසියාවේ රූබල් වැනි මුදල් එකක සමග ජාත්‍යන්තර වෙළඳාම කළ හැකි නම් පහසු වන බවත් ශ්‍රී ලංකාව අපනයන ප්‍රධාන වශයෙන්ම  ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා යන රටවලට කිරීම නිසා ඩොලරයෙන් ඉවත්වීම පහසු නොවන බවත් ඒ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාව හදිසියේ ඩොලර්හරණයකට ගියහොත් ඇඟලුම් තේ, රබර් වැනි අපනයනවලට බාධක පැමිණවීමට ඉඩ ඇති බව කී පුබුදු ජයගොඩ මහතා ඩොලරයේ ආධිපත්‍යයෙන් මිදීමේ වැඩපිළිවෙලකට යා යුත්තේ මෙරට අපනයන ආර්ථික ව්‍යුහය වෙනස් කරන දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙලක්  සමග බව ද සදහන් කළේය.

එහිදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම සදහා අනිවාර්යෙන්ම ඩොලර් හරණය කළ යුතු බවය.

ඒ අනුව ඩොලර් හරණයේ සැලැස්ම විය යුත්තේ විනිමය පියවීම රූබල් මුදල් ඒකකය හරහා සිදු කිරීම බවද ඔහු සදහන් කළේය.

රූබල් මුදල් ඒකකය අනුමත කරන ලෙස රුසියාව වසර ගණනාවක සිට මෙරටින් ඉල්ලීම් කළද පැවති කිසිදු රජයක් ඊට ප්‍රතිචාර නොදැක්වීම කණගාටුවට කරුණක් බවත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.



අදහස් (8)

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි

ජිල්බු Wednesday, 30 April 2025 02:12 PM

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙනුත් ඉවත්විය යුතුයි.

:       4       52

Jayasekara Wednesday, 30 April 2025 03:42 PM

කරන්න පුළුවන් දෙයක් කියන්න. වේලි වේලි ඉන්නකොට මොවුන්ගේ කට කහනවා. ඒක හරියට ඔබ පවුල්වලින් වෙන්වෙලා පිළිකන්නේ ඉන්නවා වගේ වැඩක්...

:       4       37

Nalin Wednesday, 30 April 2025 04:20 PM

කොහෙන්ද මෙයාව හොයාගත්තේ...?

:       4       30

සංජීව Wednesday, 30 April 2025 05:39 PM

මළ ගෙවල්වල නිදි වරන්න කියාපු බඩු ටික.

:       0       10

සංජීව Wednesday, 30 April 2025 05:38 PM

මම මේ දැනගන්න අහන්නේ, අපි $ න් ඉවත් වෙලා වෙන මොකක් හරි ජ්‍යාත්‍යන්තර මුදල් ඒකකයකින් ගණු දෙනු කරන්න පටන් ගත්තා කියමුකෝ, ඒත් අපි වෙලා තියෙන ණය කන්ද කොහොම ද අඩු වෙන්නේ? ඒ මුදල් ඒකකයෙත් අගය තීරණය වෙන්නේ $ට අනුව නේද? ඒත් අපිට ගෙවන්න තියෙන ණය...

:       0       8

Priyath Liyanage Wednesday, 30 April 2025 05:52 PM

අප රටේ ආර්ථිකය ශක්තිමත් නම් සහ අපට කෙලින් නැගිට සිටිය හැකි නම් මෙහෙම කළාට කමක් නෑ. නමුත් අප අන් රටවලින් යැපෙන ආර්ථිකයක් තබාගන මේ ගැන සිතන්නවත් බැරිය. ඉරාකයට මුහුණ දෙන්න වුනේත් මේ ආකාරයට ගත් තීන්දුවක් නිසාවෙනි. ඔවුන් ඩොලරය අතහැර යුරෝ ඒකකයට ගිය නිසාවෙන් ඔවුන්ට අත්වූ ඉරණම දැක්කානේ. එවන් තත්වයක් තමයි ලංකාවට ඇතිවන්නේ එහෙම කලෝතින්. එනිසා හිතන්නවත් බැරි කාලයකට ගොඩ ඒමක් හිතන්නටත් පෙර මෙවැනි මෝඩ අදහස් ක්‍රියාත්මක කරන්න කලින් රටේ ණය පියවලා ආර්ථික මට්ටම හොඳ අතට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාදැයි මුලින් හොයන්න තකතීරු කතා නොකියා...

:       0       15

පොඩිඑකා Wednesday, 30 April 2025 06:07 PM

ආ.., මේ පාමකෝටියනේ…!

:       0       8

ගුණරත්න Wednesday, 30 April 2025 06:44 PM

යසයි, වෙන මුදල් එකක මොකෝ අපේ රුපියල දාන්න බැරිද කියලා මොවුන්ගෙන් අහන්න කෙනෙක් නැති හැටි...! රටක් වනසන්න මේ කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 71 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 60 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 227 0

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 257 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 396 2

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 92 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 413 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 107 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1130 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site