Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 31 වන සිකුරාදා
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ ඔක්තෝබර් මස විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.
Sanath Dubai Saturday, 26 November 2022 12:52 PM
රුපියල හිර කරගෙන හිටපු නිසා මිනිස්සු උණ්ඩියල් ක්‍රමයට හුරුවුණා... 2020 ඔක්තෝබර් ඩොලර් මිලියන 750කට වඩා එවලා තියෙනවා. 2021 ජූනි ඉඳලා තමයි ඒක අඩු වුණේ... තවම ඒක හරි ගිහින් නේ... හොරු ආණ්ඩු කරන කල් අපි සල්ලි එවන්නේ නෑ.
Reply : 365 87
Perera Saturday, 26 November 2022 01:30 PM
අපිත් ලංකාවට ඩොලර් වැඩිපුර එවන්නේ නැහැ. මේ නීත්‍යානුකූල නොවන හොර ආණ්ඩුව ඉන්න තුරු... අපේ යාලුවොත් එහෙමයි. ගෙදර වියදමට විතරක් සුළු ගාණක් එවනවා. මැතිවරණයෙන් පස්සේ තමයි අපි සල්ලි එවන්නේ...
Reply : 262 90
දෙවියන්ටම පෙනේවා Saturday, 26 November 2022 05:32 PM
එහෙනම් මහත්තයෝ හොඳ ඉන්ෂූරන්ස් එකක් එහෙම දාලා තියාගන්න. මොකද ඔය රටවල්වල ඔහොම අමන සිතුම් තියෙන මිනිස්සුන්ට දෙවියන්වත් ආශීර්වාද කරන්නේ නෑ...
60 248
Fernando Sunday, 27 November 2022 12:00 PM
මේ වෙනකොට උන්ඩියල් ක්‍රමයට ලැබෙන මුදලයි, බැංකු හරහා ලැබෙන මුදලයි අතර ලොකු වෙනසක් නෑ. ඒත් මිනිස්සු සල්ලි එවන්නේ නෑ. රටට මේ විනාශය අත්කර දුන් දේශපාලකයින් බලයේ සිටිනතුරු මෙය යථා තත්වයට පත් නොවේවි...!
78 10
Thilina Korea Sunday, 27 November 2022 12:07 PM
විදේශ ශමිකයෝ එවන මුදල් අදටත් මේ පාලකයෝ ගසා කනවා. ඉන්ධන ගෙන්නන්නේ රාජපක්‍ෂ පවුලට සම්බන්ධ සමාගමක්. ප්‍රමාද ගාස්තු කියලා අමතරව ලොකු මුදලක් සෑම නැවකටම ගෙවනවා. ගෑස් ටෙන්ඩරය දීලා තියෙන්නේ වැඩි ලංසුවකට. ඉතින් මුන්ට ගසාකන්න අපි ඩොලර් එවන්න ඕනද?
66 12
Senaka Saturday, 26 November 2022 05:20 PM
එහෙනම් මතක තියාගන්න උණ්ඩියල් කරන්නේ ඔය දැනට ඉන්න නායකයින්ගේම ගෝලයින් බව. හරි ක්‍රමේට එව්වොත් තමයි සාමාන්‍ය මිනිස්සුන්ට ඒවාගෙන් පොඩි හරි වාසියක් ලැබෙන්නේ. නැත්තන් සේරම ඩොලර් ටික ආපහු ඔවුන් අතට. ඔවුන් හොයාගත්තු ඩොලර් වලින් ඊළඟ ඡන්දෙදී ආපහු දිනනවා. ඊට පස්සේ ආපහු උන්ඩියල්. අඩු ගානේ මෙච්චර ප්‍රචාරයක් ඕවාට ලැබෙන්නේ මොකද? උන්ඩියල් කරන අය අහු නොවෙන්නේ මොකද කියන එකවත් තේරුම් ගන්න මොලයක් ඔය රට ඉඳන් උන්ඩියල් එවන මෝඩයින්ට තේරෙන්නේ නැද්ද..?
Reply : 22 198
Perera Saturday, 26 November 2022 07:03 PM
අපි අපේ රටට ආදරෙයි.. ඒත් අපි කැමති නැහැ රටේ දේශපාලනය කරන පල්හොරු අපි දුක් මහන්සියෙන් හම්බ කරලා එවන ඩොලර් ටික හොරා කනවාට... කොහොමත් අපට පැහැදිලිව පේනවා මේ පල්හොරු කවදාවත් මේ රට දියුණු කරන්නේ නැති බව..
216 54
Senaka Saturday, 26 November 2022 09:35 PM
අපේ රට කිව්වේ දැනට ජීවත් වෙන පර දේසෙ වෙන්න ඕන. නැත්තං බලයේ ඉන්න උන්ට රටෙන් උන්ඩියල් විදියට ඩොලර් පන්නන්න උදව් කරන තමුන්ලට රට ගැන ආදරයක් තියෙන්නේ කොහේද
10 47
Jinna Saturday, 26 November 2022 09:44 PM
අම්මප මෙයාලා කියනවා තව රටට ආදරෙයිලු. ඔය සල්ලි උන්ඩියල් කරාම ලංකාවට ඒ වෙනුවට එවන්නේ කුඩු, අයිස්, කොකේන්, මර්ජුවානා. ටොන් ගණන් වලින් ආවෙ ලංකාවට මේ ටිකේ. හේතුව උන්ඩියල් වලින් සල්ලි එවන ආත්මාර්ථකාමී අය. කොච්චර ආවද කියනවා නම් දැන් හැම ඉස්කෝලෙටම අයිස් බෙදන්නෝ ඉන්නවා. ග්‍රෑම් ගණනින් අහුවුනු අයිස් වෙලඳාම ටොන් ගණනින් සිදු කිරීමට ශක්තිය දුන් රටට ආදරේ උන්ඩියල් සල්ලි එවූ ඔබට ජාතියේ ප්‍රණාමය..
8 82
Nishan Saturday, 26 November 2022 09:56 PM
මට පොඩි සිංදුවක් මතක් වුනා මේකෙ කොමෙන්ට් දාපු රටට ආදරෙයි ඒත් උන්ඩියල්ම තමයි කියන අය දැකලා. සැපතෙදි එකතුවෙලා හලො හලෝ මචං කියලා පොඩි ජොලියක් දාලා ආයෙත් එන්නම් මචං කියලා විපතෙදි ඈත් වෙනා ඔන දෙයක් වෙයං හිතනා එයාද හරි මිතුරා එය මිතුර නොවෙයි හතුරා
4 62
Prabha Saturday, 26 November 2022 01:16 PM
රටේ තියෙන තත්වය එක්ක පිටරට ඉන්න අයගේ ගෙවල් වලින් ඥාති හිතමිත්‍රෙයා් උදව් ඉල්ලන එක වැඩිවෙලා තියෙන්නේ...
Reply : 148 43
Piyarathna Oman Saturday, 26 November 2022 02:43 PM
රටේ ජනාධිපති හොරපාරෙන් ආපු කෙනෙක්... මහ බැංකුව දෙපාරක් මංකොල්ල කාලා... වටේම ඉන්නේ හොරු සෙට් එකක්. ඩොලර් එවන්නම් ඡන්දයකින් පස්සේ. ඒකත් පත්වෙන කෙනා දිහා බලලා තමයි...
Reply : 258 59
Lasith Paris Saturday, 26 November 2022 05:23 PM
අනේ ඔය වගේ කාලකන්නින්ගේ ඩොලර් එපා. තියාගන්න. අහිංසක විදියට හම්බ කරලා රට ගැන හිතන සැබෑම විරුවො ටිකක් රට ගැන, තමන්ගේ පවුලේ අය ගැන හිතලා ඩොලර් ලංකාවට එවලා තියෙනවා. මතක තියාගන්න ලංකාව විනාශ වෙනකන් බලන් හිටපු ගොඩක් අයට වුනේ තමන් විනාශ වෙච්චි එක කියන කාරණේ...
Reply : 39 208
Akila Sunday, 27 November 2022 07:14 AM
ලංකාව විනාශ වෙලා ඉවරයි , බංකොලොත් කියන්නේ රටකට වෙන්න පුළුවන් ලොකුම විනාශය
76 16
samanthi jayasinha Saturday, 26 November 2022 02:47 PM
රට විරුවනි, ඔබට ජයම පතමු...
Reply : 4 268
Hemantha Saturday, 26 November 2022 05:26 PM
රටට අමාරු වෙලාවේ ලංකාවට ඩොලර් එවූ සොඳුරු මිනිසුන්ට එය උපහාරයක්ම වේවා..! ඔබට වැඩි වැඩියෙන් ආදායම් ලැබී මුලු ජීවිතයම සරුසාර වේවා!! ලක් මාතාව ඉක්මනින් සුවය ලබා අසීරුවෙන් ජීවත් වෙන සියලුම මිනිසුන්ට සොඳුරු කලක් උදාවේවා...!!
Reply : 16 240
Muthu Saturday, 26 November 2022 03:33 PM
රු 1000 ක අද වටිනාකම රු 300ක් වත් නෑ. ඩොලර් එකට රු360ක් දුන්නාට ඒකෙ සැබෑ වටිනාකම රු 120ට වඩා නෑ. අපේ සැබෑ උද්ධමනය 116%. මිනිස්සු ඩොලර් එවන්නේ නැත්තේ ඒ නිසා. හරි වටිනාකම ලැබුණු දවසක ලංකාවට ඩොලර් උතුරනවා. හැබැයි උද්ධමනය තාවකාලිකව නගීවි, නමුත් ඩොලර් ගලා ඒමත් එක්ක ඒක සමතුලිත වෙනවා...
Reply : 201 33
චන්දිම Saturday, 26 November 2022 03:49 PM
රට සල්ලි මෙහේ ආව ගමන් වැඩි හරියක් හිල් කුඩේට තමයි වැටෙන්නේ...!
Reply : 148 36
පිටරැටියා Saturday, 26 November 2022 04:33 PM
රටම හොරා කාලා ජනතාව මහපාරට ඇදලා දාපු, ඩොලර් ගිලපු දූෂිත නායකයින් ඉන්නතුරු අපි ඩොලර් එවන්නේ නැහැ.
Reply : 162 42
ජනක Saturday, 26 November 2022 05:38 PM
එවන සල්ලි වැඩිකරලා නෙවෙයි, රට දාල ගිය අය වැඩි වෙලා...
Reply : 16 63
පිටිගල මිලානෝ Saturday, 26 November 2022 05:52 PM
මේ හොර ආණ්ඩුව ඉන්නකල් අත්‍යාවශ්‍ය දේකට පමණක් මුදල් එවන්න. විදේශ සංචිත ඉහළ යනකොට මහ හොරුන්ට හොරාකාපු මුදල් රටින් එළියට යවන්න පහසුයි. මොකද කපුටත් ආයෙමත් කැරකෙන්නේ ජරාවම කන්නනේ...
Reply : 217 40
Lanka Saturday, 26 November 2022 06:03 PM
ඔය සල්ලි එවන් නෑ කියන අය තමයි උන්ඩියල් හරහා සල්ලි එවලා රාජපක්ෂලාට හොරාකාපු රුපියල් ඩොලර් කරගෙන රටින් පිට කරන්න උදව් කරේ...
Reply : 12 107
Keshan Saturday, 26 November 2022 09:39 PM
මෙච්චර කියලත් තේරෙන්නෙ නෑනෙ. ඔය සෙට් එක උන්ඩියල් ක්‍රමේට සල්ලි එවන්නේ රට දූශිත කෙහෙම්මලක් නිසා නෙමේ. සල්ලි කෑදරකම නිසා. ඔයාලා හිතන්නේ හොඳම හොඳ ආණ්ඩුවක් හම්බුනත් ඕකුන් උන්ඩියල්ම තමයි එවන්නේ. අනිත් එක උන්ඩියල් ක්‍රමේ ආන්ඩුවේ ගෝලයන්ට පාඩුයි නම් පාරෙ මැද්දෙ වෙඩි තියල ඕව නතර කරන්නේ. වාසි නිසානේ තියාගෙන ඉන්නේ. අනිත් එක රටට ඒ සල්ලි එන්නේ කුඩු, ගංජා අයිස් විදියට.
Reply : 3 43
Kumara Saturday, 26 November 2022 10:59 PM
ඔය පට්ටපල් බොරු, හොරු රැල ඉන්නකන් ඩොලර් නැත.
Reply : 79 10
මැක්ස් Saturday, 26 November 2022 11:17 PM
"ෂිහ්!" පුවත දුටු සැනින් සජබ සහ ජවිපෙ වාදීන්ගේ සිතට එන ක්ෂණික සිතිවිල්ල.
Reply : 6 136
saali Saturday, 26 November 2022 11:37 PM
කමෙන්ටු බැලුවාම පෙනෙන්නේ රටට නොව තම දේශපාලන නායකයාට බහුතරයක් ආදරය බවයි. රට බන්කොලොත් කර තමා ගේ දේශපාලන අරමුණු ගැන නොසිතන්න. හොරු ගැන කියවමින් දේශද්‍රෝහී කපටි හිවලුන් ට කඩේ නොයන්න. ඔවුන් දන්නා ආර්තිකයක් නැත.
Reply : 1 94
pakeer Sunday, 27 November 2022 01:25 AM
පවුලේ උදවියට විතරක් සෑහෙන්න සල්ලි එවන්න. මෙහෙ ඉන්න අයගේ කටවල් වල තාම පන තියෙනවා.
Reply : 138 9
Bashitha Sunday, 27 November 2022 12:52 PM
ලංකාවෙ මිනිස්සුන්ගේ කටේ පන යනකන්ද බලන් ඉන්නේ..? ඒකද ඔහෙගෙ ප්‍රතිපත්තිය.. අනේ හලෝ මේ. තමුන් ඇතුලු හෙන සෙට් එකක් ඔය එවන්න එපා කියපුව ඇහුවෙ නැතුව අපේ රටට සල්ලි එවපු මිනිස්සු ඉන්නව. අන්න ඒ මිනිස්සු ගැනයි මේ ප්‍රවෘත්තිය. නොමිනිසුන් ගැන නෙමේ.
Reply : 4 49
Kumar (Gulf) Sunday, 27 November 2022 02:54 AM
රාජපක්ෂලාගේ වහල්ලුන්ට වඩා දැන් ආණ්ඩුවට කඩේ යන්නේ රනිල්ගේ අය.
Reply : 76 6
chithrani - uk Sunday, 27 November 2022 03:29 AM
මේ හොරු බලයෙන් පහකරලා අරගල කරුවන්ගේ ආණ්ඩුවක් පිහිටුවා, හොරු ඔක්කොම පවුල් පිටින්ම කුඩුවලට දමලා අවසන්වුන වහාම අපි පොලිත් එක්කම සල්ලි ලංකාවට එවනවා.
Reply : 141 10
Appuhamilage Sugathadasa Sunday, 27 November 2022 11:32 AM
අපි කවුරුත් අවුරුදු 250ක් ජීවත් වෙන්නේ නැහැ... හොඳම විදිහට අවුරුදු 75ක් 80ක් වෙන්න පුළුවන්. බොහෝ අය ඊටත් වඩා අඩු වයසින් මිය යයි. අපේ පුරවැසියන්ගෙන් බහුතරයක් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය භුක්ති වින්දා. මේවා අපේ වැඩිහිටි පුරවැසියන් විසින් සෘජු බදු හෝ වක්‍ර බදු වලින් ගෙවා ඇත. ඒ නිසා ඔවුන් අපේ අම්මා තාත්තා වගේ. එසේම අප ඉපදී ජීවත් වූ හෝ ජීවත් වූ අපගේ ජාතිය දෙමාපියන් හා සමාන වන අතර එය ආරක්ෂා කළ යුතුය. ඇත්ත වශයෙන්ම, බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ පවා තමන් ඉපදුණු ජාතිය ආරක්ෂා කිරීමට උත්සාහ කළේ කෝසල රාජ්‍යයේ විඩූඩභ රජු ආක්‍රමණය කිරීමට උත්සාහ කරන විටයි. මේ අනුව මේ රටේ හැදී වැඩුණු කිසිවකු නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය යනාදිය ලබා ගත්තේ නම් ඔවුන් දැන් රටට උදව් නොකළහොත් එය ජාතිය පාවාදීමක් වන අතර එය බලවත් පාපයකි. මේ වගේ පව් කරන්න එපා මොකද දවසක හරකාගේ රෝදය උගෙ කුර පස්සෙන් යනවා වගේ පව් පස්සෙන් එනවා...
Reply : 2 93
ravindra Sunday, 27 November 2022 06:11 PM
අප්පුහාමි, එතකොට තමන් උපන් රට කොල්ලකාපු රාජපක්ෂ හොරුන් පස්සෙන් ඔහේ කියන රෝදය එන්නේ නැත්තේ ඇයි...? පිස්සු කෙලින්නේ නැතිව ඉන්න. ලොකු අයට ජාතියක් තියෙනවද? රාජපක්ෂලා, රනිල්ලා, බණ්ඩාරනායකලා, කියන්නේ දෙමළ, සිංහල, මුස්ලිම්, ජා, ලංසි ඔක්කොම මිශ්‍රවෙලා ජාතක වූ අය... බොරුනම් ඔවුන්ගේ ජාතකය හොයලා බලන්න...
29 3
ddd Sunday, 27 November 2022 08:31 AM
අපි කවදාවත් සල්ලි එවන එක නැවැත්තුවේ නැහැ, දේශපාලකයෝන්ගේ වැරදි වලට මුළු රටවැසියන්ගේන් පලිගන්න බැහැ
Reply : 2 94
Wageesha Sunday, 27 November 2022 12:48 PM
අද රට හුස්ම ගන්නේ ඔබ වැනි උතුම් අදහස් තිබෙන මිනිසුන් නිසාවෙනි. දේශපාලුවන් හොඳ වෙනතෙක් හිටියොත් මේ රටේ අහිංසක මිනිස්සු තව තවත් අසරන වෙනවා පමණි. දේශපාලුවන් නම් රටේ ඉන්න අමාරු වෙනකොට වෙන රටකට පැන ගනීවි. ඒත් අපි නිදහස් අධ්‍යාපනය ලබන්න අපිට උදවු කරපු, ඒ වෙනුවෙන් තමන්ගේ පාන් ගෙඩියෙන්, කිරි පැකට් එකෙන් බදු ගෙවපු මිනිස්සුන්ට අපි එවන ඩොලර් ටිකෙන් කීයක් හරි යන බව අපි දන්නවා. දේශපාලුවො උන් කරපු කරුම අරන් යයි. ඒත් අපේ ලංකාවත් අපේ මිනිස්සුත් කවදා හෝ හොඳ තැනකට ගේන්න අපිට ලැබෙන අවස්ථාව මේක.
Reply : 1 39
sanjeewa Sunday, 27 November 2022 09:33 AM
පාස්පෝට් ගාස්තු නොසෑහෙන්න වැඩි කරලා, පාස්පෝට් ගන්න දිනයක් ගන්න මාස පමණ පොරොත්තු ලේඛනයේ ඉන්න ඕන.
Reply : 53 5
janahitha Sunday, 27 November 2022 09:41 AM
දැන් රට විරුවෝ...
Reply : 34 6
Mewan Sunday, 27 November 2022 12:42 PM
ඔව්, මුන් මහා අවස්තාවාදී , හොරු. අපි කාගෙවත් විරුවෝ නෙවේ. නිකන් බටර් ගාන්නේ අන්තුව හිටපිය.
Reply : 39 5
sanjeewa Sunday, 27 November 2022 10:50 AM
දැන් රට විරුවෝ කොරෝනා කාලේ කොරෝනා බෝම්බ... අපිට තියෙන මූලික ප්‍රශ්නය ඉලෙක්ට්‍රික් කාර් නොවේ.. මුලින් නම් කරුණාකරලා සාධාරණ මුදලකට රස්තියාදු නොවී පාස්පෝට් එක හදාගන්න කටයුතු සලස්වලා දෙන්න. වෙනත් රටවල්වල මේවා සාමාන්‍ය දේවල්... තමන් පදිංචි ප්‍රෙද්ශයෙන්ම මේවා අයදුම් කරලා දවස් කීපයක් තුළ ලබාගන්න පුළුවන්... ඒකවත් කරලා දෙන්න බැරි නම් අපි කොහොම හරි දුක් විඳලා හරි, පගාව දීලා හරි ඒක කරගන්නම්... අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් අපේ මූලික අවශ්‍යතා ටික හරි ලබාදෙන්න.
Reply : 55 11
de silva Sunday, 27 November 2022 11:02 AM
ලංකාවේ ආගමන විගමන පාලකයෝ හොර දේශපාලකයන් ගැන මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ... 90 දශකයේ සාමාන්‍ය සේවය යටතේ රුපියල් 2000-3000 වියදම් කරලා සති 2-3 ගන්න ගමන් බලපත්‍රය ගන්න එදා වගේ 10 ගුණයක් ගමණ ගෙවලා මාස ගාණකට පෙර දිනයක් වෙන් කරගෙන, දවසේම රස්තියාදු වෙලත් කරගන්න බැහැ. සල්ලි නෙවෙයි මේ අයට එවන්න තියෙන්නේ..! ඔබලා මුලින්ම මුලින්ම ඔබලාගේ වැරැදි ටික පිළිඅරන් ඒවා හදාගන්න.
Reply : 78 7
Mewan Sunday, 27 November 2022 12:43 PM
අපි කාගෙවත් විරුවෝ නොවේ. නිකන් බටර් ගාන්නේ නැතිව ඉන්න...
Reply : 63 3
sunil Sunday, 27 November 2022 01:50 PM
දේශපාලකයින්ට බුරියානි කන්නට, පිටරටවල වහල් සේවය කරන උදවිය කරුණාකර ඩොලර් එවනු මැනවි...!
Reply : 54 3
Mo77 Sunday, 27 November 2022 01:51 PM
ඩොලර් අගය අනිත් සෑම මුදල් ඒකකයකට ම වඩා වැඩිවෙනවා. ඒත් රුපියලට එරෙහිව ඩොලරය අඩුවෙනවා. අද ඩොලර් ඒ නියම වටිනාකම රුපියල් හයසිය පනහක් වත් වෙනවා. ඩොලර් ට නියමිත අගය ලබාදෙන්න. එතකොට ඩොලර් ලැබේවි...!
Reply : 46 3
sampath Sunday, 27 November 2022 10:28 PM
රට ඉන්න අය සල්ලි එව්වම එයාලට රුපියල් ලැබෙනවා ඒ නිසා එයාලා ඒක ගැන ඕනවට වඩා හිතන්න ඕන නැහැ.
Reply : 2 3
Koralamuttha Sunday, 27 November 2022 10:42 PM
සල්ලි කීයක් හරි හොයලා එවනකල් රටවිරුවා ඒ වෙනුවෙන් රජයෙන් මොනවද කරන්නේ? ජාතියම ණයයි විශේෂයෙන් මැද පෙරදිග යන කාන්තාවන්ට.
Reply : 4 1
බද්රානි Monday, 28 November 2022 04:48 PM
අතේ තියන විදේශ මුදල් පරිස්සම් කොට තබාගන්න. අනික, පිස්සුද, ඩොලර් හෝ වෙනත් විදේශ මුදලක් දීලා මේ කිසිම වටිනාකමක් නැති රුපියල් කොළවලට මාරු කර ගන්න. අදටත් විදේශ මුදල් වලට නිසි වටිනාකමක් නොදී, අසරණ ජනතාවගේ මුදල් මේ රටේ පාලකයින් ගසා කනවා. නිකමට හිතන්න, ඔබ ළඟ ඩොලර් ටිකක් ඉතුරු කරගෙන හිටියා නම් අද වෙද්දී, වටිනාකම දෙගුණයක් වෙලා. ඉදිරියේදී ඒ වටිනාකම, තව කිහිප ගුණයකින් වැඩිවේවි... ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට ඩොලර් දෙසීයක් කර තිබෙන්නේත්,රට විරුවන්ට තියන ආදරයටනේ නේද? පිටරටක පුරවැසිභාවය ලබා ගන්නවත් ඔතරම් මුදලක් ඒ අය අය කරන්නේ නැහැ... පේනවනේ ලංකාවේ අමන තක්කඩි පාලකයින්ගේ කෙරුවාව? කොහෙද ඉතින් ගවයින්ට කොහෙද ඕවා තේරෙන්නේ? ඔවුන් මඩට ආදරෙයි කොහොමත්...
Reply : 5 1
සුපුන් Monday, 28 November 2022 07:13 PM
ලොකු වෛරයක් තියෙනවා මටත්, මගේ රටේ දේශපාලන ක්‍රමයට විරුද්ධව... නමුත් මේ වෙලාවේ නැති සහයෝගය මගේ රටට දෙන්නේ නැත්නම්..., තමුන් උපද්දවපු අම්මාට නොසලකා හැරියා වගේ...
Reply : 1 5
chandima Monday, 28 November 2022 07:35 PM
රට විරුවෝ සෑහෙන්න සල්ලි එවලනේ...! අරුන්ට වැඩි වැඩියෙන් බුරියානි කකා තෙලේ බහින්න මේස ලාම්පු, මයික් පුටු බංකු, කඩ කඩා ඔලුබක්කෝ නටන්න පුළුවනි...!
Reply : 5 0