(දයාරත්න ඇඹෝගම )
දර කපන පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හොරොව්පොතාන පොලිසියේ සැරයන්වරයකු අද (02) එම පොලිසිය තුළදීම අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
හොරොව්පොතාන මැදවච්චිය පුද්ගලයකු බලපත් නොමැතිව දැව කපමින් සිටියදි ඔහු ගස් කැපිමට භාවිතා කළ ඉරුම් යන්ත‍්‍රය රැගෙනවිත් එය ආපසු දිමට රුපියල් 10 000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දි පොලිස් සැරයන්වරයා මෙසේ අත්අඩංගුවට පත්විය.
COMMENTS
හපොයි විශාල මුදල් අක්‍රමිකතාවයක් ... මම හිතැන්නේ රුපියල් ට්‍රිලියනයක විතර අල්ලස්ගනිමක් වගෙයි.පුදුමේ කියන්නේ දරුවනේ රුපියල් බිලියනයක් හොරකන් කරපු ටයි-කොට් දාපු මහත්වරු නිදැල්ලේ , රුපියල් දස දහසට මේ අහිංසකය කුඩුවේ ...
ඔය අල්ලස් දුෂණ නිලධාරීන්ට යම් යම් ආකාර මගින් අල්ලස් ලබා ගන්නා දේසපාලන බලවතුන්ව අත්අඩංගුවට ගන්නා බලයක් නැතිද? සොක්කන් පමණද අත්අඩංගුවට ගන්න බලය තිබෙන්නේ?