
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පවතින විදුලි බල අර් බුධයට හේතු වු කරුණු කාරණා බොහොමයක් පවති. දැනට ලෝකය පුරා විදුලිය නිෂ්පාදනය සදහා පොසිල ඉන්ධන පාරිභෝජනයට වඩා පුනර්ජනනීය බල ශක්තිය උපයොගි කර ගැනීම ඉහල තලයක පවති. එහෙත් අවාසනාවකට ලංවිම ඉහල නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා හා ඇතැම් දේශපාලන මතවාද නිසා තවමත් පුනර් ජනනීය බලශක්ති නියමිත ආකාරයට කළමනාකරණය කරමින් රටේ විදුලිය අර් බුධය විසදා ගැනීමට තවමත් නියමිත මාර්ග සිතියමක් හෝ ක්‍රම වේදයක් සකස් වි නොමැත. තවද සුර්ය බලශක්තිය මෙන්ම සාගර කලාපය හරහා සුලං බලශක්තියද යොදා ගනිමින් රටේ විදුලිය නිෂ්පාදනය ඉහල දැමීමට හැකියාවක් පවති ඒ ආකාරයට කටයුතු කලහොත් පොසිල ඉන්ධන ආනයනය සදහා වන වියදම්ද අවම කර ගත හැක.