IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එජාප සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්ට


 (අංජුල මහික වීරරත්න )
 
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යවනු ලැබීය.
 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයක් එකමුතුවෙන් නව සමගි සන්ධාන රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවු ලිපියේ සඳහන්ය.
 
 රාජපක්ෂ ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරිම සහන දීමට සහ  රටේ ප්‍රජාතන්ද්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියළු පක්ෂවලට සමගි සන්ධාන ජාතික රජයට එක් විය හැකි බව සභා නායක , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ප්‍රකාශ කළේය.
 
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණේ සමඟි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි  ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඔප්පු කරන්නේ යැයිද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.



අදහස් (6)

එජාප සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්ට

sirimal Thursday, 31 January 2019 11:04 AM

පොරොන්දු වුන පරිදී දුෂිතයන් සියල්ලටම නිසි දඬුවම් ලබා දෙන්නේ නැතුව ඔය මොන උප්පරවැට්ටි ඉදිරිපත් කලත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒ වැඩේට කාලය මදි වේගෙනයි එන්නේ. ඒ අතරේ නායකයින් දෙපල දෙපැත්තට ඇදගන්නා වාතාවරණයක් ඇතිව තිබෙන නිසා මේ කෙටි කාලය තුල අවුරුදු හතරකට බැරි වුන මොන දෙයක්වත් කෙරෙයි කියලා හිතන්න අමාරුයි.

:       0       0

Sanath Kandy Thursday, 31 January 2019 11:07 AM

කැබිනට් ඇමති සංඛ්‍යාව වැඩි කර ගන්න ගහපු ගැටයක්. මෙයාලා හදන්නේ ව්‍යවස්ථාවේ හිල් වලින් රිංගන්න. ජවිපෙ අනුර කුමාර මන්ත්‍රීතුමා කලින්ම ඔය ටික කිව්වා.

:       0       0

Wiwastha Thursday, 31 January 2019 01:40 PM

එජාප, ජවිපෙ, ටීඑන්ඒ = සමගි හවුල

:       0       0

Bamunuarachchi Thursday, 31 January 2019 06:36 PM

ගිලෙන බෝට්ටුවල ඉන්න අය තවත් ගිලෙන බෝට්ටුවක එල්ලෙනවා ඒක ස්වාභාවිකයි. නොගිලෙන බෝට්ටුවලට ගොඩවෙන්න බැහැ.

:       0       0

surath Friday, 01 February 2019 12:57 AM

ආයිත් උප්පරවැට්ටියක් යොදා ඇමති පට්ටම් වැඩිකර ගෙන මහජන මුදල් කාබාසිනියා කරන වැයමක්

:       0       0

sirimal Friday, 01 February 2019 09:50 AM

ඕක නම් තව කට්ටියකට ඇමතිකම් දෙන්න කරන උප්පර වැට්ටියක්. ඕවා කරලා ඡන්දයක් දිනන්න හම්බ වෙන එකක් නැහැ. අර දඬුවම් කරනවා කියපු දූෂිතයෝ තවම එළියේ. පටන් ගත්තට වහන්නේ නැති උසාවිවලටත් දැන් අතීසාරේ බෝවෙලා වගේ. නඩුකල් යනවා. ඔහොම ගියොත් කොටඋඩ තමයි.

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site