( රේඛා තරංගනී ෆොන්සේකා )
පාරට දැමු කසල බෑගයක තිබූ දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පවසයි.
මොරටුව පොලිස් පාරිසරික ඒකකය හා එක්ව වැටලීම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යෙදවූ බව ද මාලින්ද මහතා පවසයි.
කැළි කසල එකතු කිරීමට යොදවා ඇති සැලසුම් තවත් විධිමත් කර ඇති බවත් සිය නිවෙස් මෙන්ම මහා මාර්ග ද පිරිසිදුව පවත්වාගෙන යාම ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් ඒ මහතා කියයි.
COMMENTS
නියම වැඩේ . පාලි ගන්න ඕනේ නම් ෆෝන් බිලක් හොරකම් කරලා කුණු දැම්මනම් හරි
පාරට දැමූ කුණු මළු අවුස්සා මෙම නීච ක්‍රියාව කරපු අය හොයා නීති මගින් ක්‍රියා කරන්න... මෙම වැටලීම් කරපු අයට අපේ ප්‍රණාමය. එහෙත් මෙවැනි වැඩ කර උසාවි යන අයට අධිකරණයෙන් දෙන සැහැල්ලු දඬුවම් නිසා උන් පාඩමක් ඉගෙන නොගන්නා බව සහතිකයි ! මේ පළාතේ කුණු එකතු කිරීම සඳහා ලොරි හෝ කුණු කරත්ත එන්නේ නැද්ද ?
විශාල දඬුවම් දිය යුතු අතර කුණු වසංගතය සහ මදුරු වසංගතය මැඩලීමට හාමුදාවේ දායකත්වය ලබා දීම රජයේ වගකීමක්.
CCTV සවි කලා නම් හොරු අල්ල ගන්න පුළුවන්...