එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව 7031(c) වගන්තිය යටතේ ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කර තිබේ.

වසර 2009 දී   එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා 58 වන බල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය.