(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම ආඥාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.
කතානායකවරයා මෙම ආඥාව පිළිබඳව දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් කෙනෙක්නේ ඕනෑ කිව්වේ. හමුදාව දාලා ජනතාව මර්දනය කරනකොට ‘‘දැන් සැපද?‘‘ කියලා ලොක්කා අහවිද දන්නේ නැහැ...
මහජන සාමය තවම කඩ වෙන්න පටන් අරන් නෑ. ඉව වැටිල ද මන්දා එහෙම වෙන්න යනවා කියලා. ආර්ථිකේ විතරක් බේර ගන්නකො. දවසට 60 විතර මැරුනට කමක් නෑ. කරපු යහපත් දේත් පලක් නෑ මේ තීන්දු නිසා
ඉතාම කොලෝචිත තීරණයක්
රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලනේ බලයට ආවේ. වැඩ පෙන්වන්ඩ වගේ හදන්නේ?
ඔන්න මට තදවුණා...
හරක්ට හොඳින් කියලා බැරි වුණාම කෝටුව අතට ගන්න වෙනවා. නැත්නම් ඔවුන් රට වලදාලා ඒ මත තම තමන්ගේ දේශපාලන කොඩි හිටවනවා...
මාර්ෂල් හුදෙකලාවෙන්ද සිටින්නේ?
නන්දසේන රාජපක්ෂ, මෙය හොඳින් අහගන්න.. පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්, ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුහර්තෝ.. වගේ ඒකාධිපති නරුමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවසානයේදී සිදුවුනේ කුමක්ද කියා ඔබට ලණුදෙන ජයසුන්දරගෙන් අසාදැන ගත්තොත් ඔබේ සෞඛ්‍යයට හිතකරයි. එසේ නැතිවුණොත්.. ඔබටත් ඔබේ අමන පවුලේ සියලුදෙනාටත්, ඔබ වටා සිටින හොරු රැලටත්... ගඩාෆි ගිය පාරේ යන්න වේවි...! කියමනක් තියෙනවා ඉතිහාසය යළි යළිත් මතුවෙනවා. පළමුව ප්‍රීති ජනක එකක් ලෙසත්, දෙවැන්න දුක්බර ශෝකාන්තයක් ලෙසත් " කියලා.
ඉතාමත් කාලෝචිත තීරණයක්. මහපාරේ කෝලම් නටන විගඩම් කාරයින්ට අවශ්‍ය ලෙස රටවල් පාලනය කරන්න බැහැ. ගුරුවරු උනත් වැදගත් ලෙස පාසැල් සිසුන් ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දෙමින් මේ ප්‍රශ්නය විසඳා ගත යුතු වෙනවා. අර කොතලාවල පනත ඇහැට දැකලා වත් නැති මෝඩයින්ට එම පනත කියවා අවබෝධ කරගෙන, සුදුසු විවේචනයන් කිරීමේ අයිතිය සාධාරණ උවද, මහපාරේ රිලා නැටුම් රඟ දැක්වීම වහාම නතර කල යුතුයි.
පාරට බහින මනුස්සයින්ට හමුදාව උසිගන්වනවා. ඒත් මේ හමුදාව කියන්නෙත් අපේ රටේ ජනතාවට නේද?
මියන්මාරයක් වගේ කරන්න වත්ද හදන්නේ? පොහොර තහනමත් වෙනස් කරලාලු... කොතලාවල පනතත් වෙනස් කරලාලු. සේරම රිවර්ස් වේගෙනයි යන්නේ... අපට නම් "දැන් සැපද" කියලා අහල අහලා ඇතිවෙලා...
මා කීදේ නැවත " මියන්මාරය අතේ දුරින් ! "
නියමය ජනාධිපතිමනි..අපි ඉල්ලුවේ ඔකයි මේ දගලන මිනිස්සුන්ව වෙඩි තබා හෝ මර්දනය කරන්න.
කවුරු මොනව කීවත් ඔබ තුමා තමයි හොඳටම කරන්නේ
ඔන්න සර් වැඩට බහින්න. අපි හිට්ලර් කෙනෙක් ඉල්ලුවේ ඕකටයි. ටයර් අපි එවන්නම්...
හමුදාව තියෙන්නේ ආණ්ඩුවේ ආරක්ෂාවට මිස ජනතාවගේ ආරක්ෂාවට නොවන බව දැන්වත් ජනතාව තේරුම්ගත යුතුයි.
කවුරු කැඳෙව්වත් වැඩක් නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නම් එතැනමයි.
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. රජය, ජනතාවට අවි ආයුධ එල්ල කළොත් ඒ ආයුධ රජයේ පැත්තටම හැරෙනවා නියතයි...
අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බලන්න.