( කාංචන කුමාර ආරියදාස)
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල නගරයේ විවිධ ස්ථානවල වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළෙඳුන් පලවාහැරීමට සහ අවවාද කිරීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය අංශ අද ( 06) පියවර ගත්තේය.
දඹුල්ල නගරයේ බොහෝ ස්ථානවල ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අතිවිශාල ජනතාවක් නගරයට එක්රොක්ව භාණ්ඩ මිලදී ගැනීම සිදු කළහ.
මේ අතර විවිධ පුද්ගලයන් කණ්ඩායමක් ප්‍රධාන මාර්ග ඉදිරිපිට සහ නගරයේ වාහනවල තබාගෙන ඉතා අධික මිල ගණන් යටතේ එළවළු තොග සිල්ලරට අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා ට මහජනතාවගෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගත්තේය.
ඒ අනුව නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායම මෙම වෙළෙඳුන් ඉදිරිපිටට ගොස් සොයා බැලීමේදී හෙළි වූයේ රුපියල් 10 -15 අතර වූ මිල වලට සහ රුපියල් 25ක් 30 යන මිල ගණන් වලට දඹුල්ලේ දී ම මිලදී ගත් එළවළු කිලෝව රුපියල්100- 300ත් අතර ඉහළ මිල ගණන් යටතේ මෙම ස්ථානවල අලෙවි කරන බව ය.
පසුව නගරාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් දැඩි ව මෙම වෙළඳුන්ට අවවාද කරමින් වහාම මිල අඩුවෙන් අලෙවි කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.


2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීතියෙන් පසු දඹුල්ලේ කළුකඩ කාරයෝ
Prabha Monday, 06 April 2020 11:25 AM
මෙ මනුස්සයා සයිකල් රෙස් තියලා ඇප පිට නිදහස් වෙලා දැන් ඉතින් මිනිස්සුන්ට වැදි බණ දෙසනවා.
SamanMonday, 06 April 2020 12:19 PM
හරි වැඩෙට හරි කියන්න නිහතමානි වෙන්න.
rathnayaka - dambullaMonday, 06 April 2020 11:27 PM
ඔව් ඔව් අජිත් රෝහණ මහත්මයා කිවේ මෙයාගැන තමයි...