( අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උප සභාපති ධුරය පිරිනැමීමේ පත්වීමේ ලිපිය මංගල සමරවීර මහතාට බාර දී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණූ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවෙන් පක්ෂයේ සියලු තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරු වෙනස්කම් මීට ඉහතදී සිදු කෙරිණි
ප්‍රතිසංවිධාන වැඩසටහන් යටතේ එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂිම් මහතායි.
මංගල සමරවීර මහතා නව උප සභාපති ලෙස පත් කිරීම 2018 අප්‍රේල් 26 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පත්වීම් ලිපියේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයේ නව උපසභාපති මංගල සමරවීර
sirimal Tuesday, 05 June 2018 11:24 AM
ඔය වෙලාවේම පක්ෂයේ නමත් "සමනල සන්ධානය" කියල වෙනස් කරගත්තානම් තමා නියමෙටම ගැලපෙන්නේ.
.රොහාන් දයාදර පැරිස් Tuesday, 05 June 2018 11:32 AM
එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ මේ උණුසුම් සුභපැතුම් ...රොහාන් දයාදර පැරිස්
Keppetipola Tuesday, 05 June 2018 12:03 PM
එක්සත් ජාතික පක්ෂය අද නිකම්ම නිකං දේශපාලන පක්ෂයක් වෙලා. එදා හිටපු ලලිත් ඇතුලත්මුදලි වගේ නිර්භීත බුද්ධිමත් නායකයෝ අද නැහැ. රටට දෙයියන්ගේම පිහිටයි. අනේ රටට ගිය කලක්
SAM Tuesday, 05 June 2018 03:08 PM
ඒකත් ඉවරයි..............
maalaka Wednesday, 06 June 2018 02:01 AM
ජයවේවා, රටට අවශ්‍ය මේ වගේ වැඩක් කරන්න පුළුවන් අය