IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිනමන් ප්‍රණාම වෙතින් සුවවිරුවන්ට සත්කාර

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමට අයත් හෝටල් නවයක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා එම සමාගම පැකේජ 1,000ක් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම් පදනම් කරගනිමින් මෙම පැකේජ පිරිනැමෙන අතර ඒවා ජූලි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.

‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමේ ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ වැඩසටහනේ යටතේ මෙය ක්‍රියාත්මක වන මේ සඳහා නම් කරන පිරිසට ‘සිනමන් ග්‍රෑන්ඩ් කලම්බු, සිනමන් ලේක්සයිඩ් කලම්බු, සිනමන් රෙඩ් කලම්බු, සිනමන් බේ බේරුවල, සිනමන් වයිල්ඩ් යාල, සිනමන් ලොජ් හබරන, සිනමන් සිටඩෙල් මහනුවර, හබරන විලේජ් බයි සිනමන් සහ ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන්’’ යන හෝටල් නවයෙන් එකක් තම නිවාඩු ගත කිරීම සඳහා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.

මේ අවස්ථාව සනිටුවහන් කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම අයත් ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ ප්‍රකාශය අද (16) පිළිගැන්වූයේ ය.

055

 

 



අදහස් (3)

සිනමන් ප්‍රණාම වෙතින් සුවවිරුවන්ට සත්කාර

Narada Tuesday, 16 June 2020 03:18 PM

හොඳ වැඩක්...

:       0       8

de silva Tuesday, 16 June 2020 04:59 PM

ගියවසරේ දේශප්‍රේමයේ බටර් පාර ගාලා රටවිරුවෝ කියලා පිරිසකට අන්දවලා, කට්ටියම කොඩි අරන් රට ඉඳන් අතින් ටිකක් අරන් ඇවිත් පෝලිමේ ඡන්දෙ දමලා ගියා. දැන් කට්ටියම අනාථ කඳවුරුවල කන්න නැතිව අඳෝනා නගමින් ඉන්නවා. මෙදාපාර තව කට්ටියකට සු විරුවෝ කියලා අන්දවලා පෙරහරේ ගෙනියන්න හදනවා.

:       2       11

kamalWednesday, 17 June 2020 07:28 PM

ඇයි ? රටවිරුවන් දැන් කොරෝනා බෝම්බ වෙලාද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site