(අජන්ත කුමාර අගලකඩ)
රාජකාරියේදී මියයන හෝ තුවාල ලබන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ගෙවන වන්දි මුදල වැඩි කිරීමට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත.
රාජකාරියේදී මිය යන වනජීවී නිලධාරියා විවාහකයෙකු නම් රුපියල් ලක්ෂ තුනක මුදලක් ද , අවිවාහකයෙකු නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ඔහුගේ පවුලේ අයට දැනට ගෙවනු ලැබේ.
නව කොරෝනා යටතේ එම වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීමටත් අවමංගල්‍ය වියදම් ලෙස රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවීමටත් යෝජනා කර ඇත.
තුවාල ලබන නිලධාරීන් රෝහල් ගත වීමකදී දිනකට රුපියල් 5000 බැගින් රුපියල් හැත්තෑ පන්දහසක උපරිමය දක්වා මුදලක් ද වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක උපරිමය දක්වාද ගෙවීමට යෝජනා වී තිබේ.
පූර්ණ දුබලතාවක්ට පත්වන නිලධාරීයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක වන්දියක්ද අර්ධ දුබලතාවකට පත්වන නිලධාරියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 කට වන්දියක්ද ගෙවීමට යෝජනා වී තිබේ.
එම වන්දි මුදල් වැඩි කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන්චයියලාගෙන් බැනුම් ඇහීම වෙනුවෙන්, අපහාස විඳීම වෙනුවෙන්, ප්‍රසිද්ධියේ කෝචෝක් කිරීම වෙනුවෙන්, 'මං නොහිටින්න' වැනි අනියම් මරණ තර්ජන වෙනුවෙන් සහ "අපි හොඳ වැඩක් කරන්න ගියහමද පරිසරේ මතක් වෙන්නේ" වැනි කොහිල කටු ඇනීම වෙනුවෙන් වන්දි ගෙවන්නත් අවශ්‍ය නීති හැදුවා නම් තමයි හොඳ.
ඔන්න 2/3 ලබාගැනීම පිණිස තවත් ඡන්ද ගුන්ඩුවක්. ඕවයේ ඇත්ත නැත්ත බලාගන්න වෙනකොට ඡන්දෙ ඉවරයි.
ගුටිකන නිලධාරීන්ට?