(හර්ෂණ තුෂාර සිල්වා.ඡායාරූප-ශාන්ත රත්නායක)
කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන වාණිජ, සංචාරක සුඛෝපභෝගී නැව් ඉලක්ක කරගනිමින් මෙම සංචාරක කලාපය නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ’ අනාගතය මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී අද (26) පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන හෙයින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා වැදගත් යැයි ද එම වාසියෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සබඳතා ජාලය ශක්තිමත් කරමින් රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
කටුනායක සහ හම්බන්තොට ප්‍රධාන ගුවන්තොටුපළ දෙක, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණමල ප්‍රධාන වරාය තුන අධිවේගි හා මහාමාර්ග පද්ධතිය සම්බන්ධ කරමින් යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලිය දියත් කරන බව අග්‍රාමාත්‍යවරයා කියයි.
මෙම සියල්ල සිදු කිරීමේදී මානව සම්පත සංවර්ධන කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා දැනටමත් සැලැසුම් යොදා ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.







COMMENTS
මේ තියෙන අටපට්ටමේ සංචාරකයන්ට වැඩියෙන් පහසුකම් සැලසුවොත් ඔය ත්‍රිකොනේ හදන කාලෙට සංචාරකයෝ පෝලිමේ එයි. සංචාරකයෝ කියන්නේ පිටරට වල වුනත් සල්ලි ටිකක් යහමින් තියෙන මිනිස්සු. ඒ අය අපේ රටට එන්නේ එහෙ ඉන්නවට වඩා සතුටින් විනෝදෙන් විවේකයෙන් ටික දවසක් ඉඳල යන්න. නැතුව පොල්සම්බෝලයි බතුයි කන්න, කිරිබත් කන්න ආසාවෙන්ම නෙමෙයි. යනකොට කවුරු හරි යාළුවන්ට දෙන්න පුළුවන් මතක සටහනකුත් අරන් යන්න උනන්දු වෙනවා. එව්වා දේශීය නිෂ්පදානම වෙන්න ඕන නැහැ. ඒ කට්ටිය එන රටවල්වල තියෙන කෑම බිමත් අධික බදු වලින් තොරව සුලභව තිබීම අවශ්‍ය වෙනවා. පවුලක් පිටින් එන සංචාරකයෝ අඩුම තරමින් පහක් හයක් එකට එනවා. නමුත් අපේ රටේ පස්දෙනෙක් හයදෙනෙක් යන මගී වාහනයක් කියන්නේ අධි සුඛෝපබෝගී ඛණ්ඩයේ වාහනයක්. ඒ සංචාරක පවුලකට තමන්ගේ පවුලේ පස්දෙනා එක්කල රටවටේ යන්න එක්කෝ අමතර සීට් සවිකරපු භාණ්ඩ ප්‍රවාහනය කරන වර්ගයේ වන රථයක යන්න වෙනවා, නැතිනම් අධික මුදලක් ගෙවල ඒ රටවල සාමාන්‍ය වාහනයක් වන එහෙත් අපේ රටට අධි සුඛෝපභෝගී වන මගී ප්‍රවාහන වන රථයක යන්න වෙනවා. එහෙමත් නැතිනම් කාර් දෙකක යන්න වෙනවා. මේ වගේ දේවල් වෙනස් නොකර ත්‍රිකෝණ හැදුවට වැඩක් නැහැ.
කරුණාකර ආණ්ඩුවට දවසට රුපියල් මිලියන කිහිපයක් උපයාදෙන සීගිරියේ සංචාරකයන්ට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් සපයා දෙන්න.
ලලිත් මහතාගේ අදහස මම අනුමත කරමි. සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක් වන ප්‍රවාහන පහසුකම් සපයන වාහන වැනි දේවල් වලට පනවන විශාල බදු නිසා මිල අධික වී ඇත. රෙස්ටුරන්ට් වලට අවශ්‍ය මත්පැන් බලපත්‍ර වැනි බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ මිල අධික නිසා කලාපයේ අනිකුත් රටවල් සමග තරඟයක් දීමට අපේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයට අසීරු වී ඇත. ආයෝජන මණ්ඩලය වැනි ආයතන හරහා රජයේ අනුග්‍රහය ලැබෙන නිසා ලොකු සමාගම් වලට මේ ප්‍රශ්න අඩුය. කණගාටුවට කාරණයක් වන්නේ මෙවැනි ලොකු සමාගම් වලින් වැඩි හරියක් විදේශිකයන්ට අයිති බහුජාතික සමාගම් සතු වීම නිසා එම මුදල් වලින් වැඩි හරියක් විදේශයන් වලට නැවත ඇදී යාමය .
අගමැතිතුමනි, සංචාරක ත්‍රිකෝණය හැදීමට පෙර කුණු ප්‍රශ්නය, විසඳන්න.
මෙතුමා කියන්නේ මෙතුමාගේ පාලන කාලයේදී සිදු නොවන දේවල්.