(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික අහේනිය ගැන සලකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම වසරේ ජනවාරි මස රුපියල් මිලියන 92 ක් , පෙබරවාරි මස මිලියන 99 ක් , මාර්තු මස මිලියන 226 ක් , අප්‍රේල් මස මිලියන 75 ක්ද වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තුව සඳහා වියදම් කර තිබේ.
රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අග්‍රාමාත්‍ය කාර්යාලය සිය වියදම් කපා හැර අනෙකුත් රජයේ කාර්යාලවලටද ආදර්ශයක් දිය යුතු බව අගමැතිවරයාගේද අදහස වී ඇති අතර අනෙකුත් රජයේ කාර්යාලද මෙම පියවර අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය කාර්යල ප්‍රකාශකයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් ආපසු මුල් ආයතනවලට යවා ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක් ආපසු බාර දී දුන් බවද කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ලේකම්වරයා කටයුතු කරගෙන යන බව ද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා කීය.
COMMENTS
පුතානෝට කනකොට හොඳයි.දැන් ඉතින් බර ඉංග්‍රීසි පැත්තකට දාලා තීරු කෝවිල් වත් ගිහින් බලන්න වෙනවා
පාර්ලිමේන්තු සැසිවාරය මසකට වරක් තියන්න... ඉන්ඳියන් සාගරයේ පාවෙන මුතු ඇටය .... ගිල්ලෙව්වේ ඔය දියවන්නාවේ පාවෙන 225 නේද..?? ඒ නිසා වියදම් 50% කින්ම කප්පාදු කරන්න...! රටම ගොඩ..!!
මෙය හුගක් කලක සිට තිබූ අවශ්‍යතාවයක්. ඔබතුමාගෙ වැරදි කොතරම් අය කීවද මෙවැනි කාර්යයන් කිරීම ජනතාව අගය කරනු ඇත.
කළින් නාස්තිය අවම කළා නම්..!
කළින් දූරදර්ශීව වියදම් කළා නම් මේ තත්වය උදා වෙන්නේ නැහැ. අද දුප්පතා සාගින්නේ...
අග්‍රාමාත්‍යවරයාගේ හොඳ ආදර්ශයක්. මෙය අගය කළ යුතුයි. රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් බොහෝයි. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට බෝනස් ගෙවන තත්වයකදී පසුගිය කාලයේදී සිදුවිය...