(රංජන් කස්තුරි)
ලංකා විදුලි බල මණ්ඩලය රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවට නිවේදනය කළද රටපුරා ප්‍රදේශ රැසක අද (05) රාත්‍රීයේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබිණ.
ඇතැම් ප්‍රදේශවල පැය එක හමාරක කාලයක් ද තවත් ප්‍රදේශවල පැය දෙකක පමණ කාලයක් ද වශයෙන් විදුලිය විසන්ධී වී තිබූ බව වාර්තාවේ.
දිනපතා දහවල් කාලයේ පැය තුනක කාලයක්ද රාත්‍රී කාලයේ පැයක කාලයක්ද ලෙස දිනකට පැය 4 ක් විදුලිය විසන්ධී කිරීම මෙතෙක් සිදුවිය.
COMMENTS
කරුවලනායකගේ බලපරෙදේශය වන උතුරු කොළඹට, විදුලි කැපීම පටන්ගත් දා සිට අප්‍රේල් 4 දක්වා විදුලිය නොකාපු බව ප්‍රදේශ වාසීන් කියනවා. ඒ ඇයි කියා ඇසුවොත් මම දන්නේ නැහැ ගෙදර උන්දෑගෙන් අහන්න කියලා කියාවි. වෙලාවට ලයිට් ඔෆ් කරන්නෙත් ගෙදර උන්දාලු.
ජනගහනය වැඩි කරගන්න කරපු උපක්‍රමයක්නේ... මේකට විරුද්ධ වෙන්න එපා.
අතුරුගිරියේ ගාමිණී ජයසූරිය මාවත පැත්තේ හැමදාම උදේ 8 ඉඳන් හවස 3 වෙනකම්නේ..
කරාබුගස් හන්දිය, මල්වාන, වල්ගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි වුනේ නැහැ. දහවල් පැය 04 ක් විදුලිය කපා තිබුණා.
අගමැති තුමාගේ මහා තාක්ෂණික විප්ලවය මේක වෙන්න ඇති... තෙල් වලට වගේ විදුලිය කපන එකටත් මාස දෙකක් එකදිගට පායන කොට ලයිට් කපන්න සුත්‍රයක් දාල ගෙදර ගියානම් හරි.
අපේ දවල් 2.30 ඉඳන් හවස 6.45 විතර වෙනකම් විදුලි බලය ඇණහිට තිබුණා. ඒත් රෑ එහෙම වුණේ නැහැ..
අපට නම් කිසි කාල සටහනක් නැහැ. හිටපු ගමන් කපනවා. කාලසීමාව කොච්චරද කියල කියන්නවත්, හිතන්නවත් බැහැ. අපේ පැත්තට අාවොත් අත්දැකීමෙන් තහවුරු කර ගත හැකිය..
මෙය වැරදි පුවතක්... සෙනසුරාදා දිනවල පැය 2ක් කපන බවට මීට පෙර විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබුණා.
කවුරු හරි ඇමතියෙක් ගේනාපු ජෙනි ටික විකුණාගන්න කරන වැඩක් වගේ..!
මේ මොන බොරුද? නොදන්වා පැය ගණන් දවල්ට ලයිට් කපනවා. ශීතකරණයේ තියන කෑම නරක් වෙනවා. අසනීපයෙන් ඉන්න පියාට ගෙනාපු සිසිල් කර තබාගන්න මිල අධික බෙහෙතක් විසික් කරන්න වුණා. අපේ වෙළඳසැලේ විකුණන්න තියන මස්, කිරි ජාති නරක් වෙනවා. කුඩා අතදරුවෙක් ඉන්නවා දවසම හඬනවා අධික රස්නෙට විදුලි පංකාව දාලා තියන්න නැහැ. රෑට ලයිට් කැපුවම හොරුන්ට, මදුරුවන්ට රජ මගුල්... මොන කරුමෙට මේ රටේ අපි ඉපදුනාද මන්දා...
මම පිටරටක ඉන්නේ. මගේ නෝනට කෝල් කරන හැම වෙලාවකම කියන්නේ ලයිට් කපලා අනේ... ඔන්ලයින් එන්න බැහැ කියලා. මට රස්සාව අතඇරලා දාලා ගම රට එන්න හිතෙනවා.
ඔහොම යං... කවදා හරි ඡන්දයක් තියන්න වෙනවනේ..
බමුණු.... කතා කරන එක නෙවේ ප්‍රශ්නය. මේ ලයිට් ජපානෙන් ආවා කියන්නේ බොරුනේ... ඒකයි ප්‍රශ්නේ..
බමුණුආරච්චි මහතාණනි , නාගනන්ද මහතා ගැන අසා තිබේද?