
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්ධන ලබාගැනීමට ආ පිරිසක් පැය ගණනක තිස්සේ කැස්බෑව ඉන්ධන පිරවුම්හල අසල රැඳි සිටියත් ඉන්ධන නැති බව නොපැවැසුවේ යැයි කියමින් පිරිසක කළබල කිරීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තේය.
මෙම පිරිස අලුයම් කාලයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පොලිම්වල සිටියත් ඉන්ධන නොමැති බවට දැනුම් නොදුන් බව පවසමින් ඔහු මෙලෙස නොසන්සුන්කාරී වූහ.
තත්වය පාලනයට කැස්බෑව පොලිසියේ පොලිස් නිලධාරීන් ද මෙම ස්ථානයට පැමිණියහ.
එහි කළමනාකරු පැවසුවේ ඉන්ධන තොග බවුසරය පැමිණෙන තෙක් පැමිණෙන ඉන්ධන වර්ගය නිසැකව කිව නොහැකි බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd