(රංජන් කස්තුරි)
හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
එම ලිපියේ මෙසේද සඳහන් වේ.
“28 වෙනි දින හම්බන්තොට වරාය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී, එම ඉදිරිපත් කළ ගිවිසුමෙහි හානිකර වගන්ති සහ රටට හානිකර තත්ත්වයන් කරුණු සහිතව පෙන්වා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටි නමුත්, එක්සත් ජාතික පක්ෂයේ දරදඬු ප්‍රතිපත්ති කථානායකතුමා විසින් අනුගමනය කළ නිසාවෙන් එකී අවස්ථාව මහජන නියෝජිතයන් වන අපට අහිමි වූ බව කනගාටුවෙන් දන්වමු.
ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාවෙහි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනුමැතිය ලත් කරුණු සහ දැන් ගිවිසුමට අන්තර්ගත කොට ඇති වගන්තිවල අඩංගු කරුණු පරිසර විරෝධී බව රටට හිතවත් අපගේ උගත් නීතිඥයන් විසින් පෙන්වා දී ඇත.
ගිවිසුමෙහි ඇතැම් වගන්ති සංකීර්ණ කොට අපහැදිලි ලෙස ඇතුළත් කොට තිබීමෙන් සැඟවුණූ අරමුණු ඉටුකර ගැනීමට ඉඩප්‍රස්ථා සලස්වා ඇත.
රටටත් රටෙහි අනාගයටත් බෙහෙවින් අහිතකර සහ හානිදායක කොන්දේසි රැසක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ හම්බන්තොට ගිවිසුමෙහි අන්තර්ගත වන බැවින් ප්‍රකාශිත පරිදි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර කරුණු ඉදිරිපත් කිරීමට කඩිනම් දිනයක් හා වේලාවක් ලබාදීමට කාරුණික වන ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.“
COMMENTS
දීල තිබුන වෙලාවේ පිස්සෝ වගේ දගලලා දැන් ආයේ වෙලාව ඉල්ලනවා.
නූගත්කම හෝ බලලෝභීත්වය නිසා සිදු කරන මහජන නියෝජිතයන්ගේ වගකීම් රහිත හැසිරීම පිළිකුල් සහගතය. පාර්ලිමේන්තුවේදී තම වගකීම් ඉටු නොකොට , රටේ තම පාක්ෂිකයන්ට හා මාධ්‍යයන්ට පෙනෙන්නට උන්මන්තකයන් සේ හැසිරී දැන් වෙනම අවස්ථාවක් ඉල්ලීම කිනම් විහිළුවක්ද? මොවුන් දන්නවා වර්තමාන පාලකයන් කරන්නෙත් තමන් කල දේම බව. එ්ත් කරන්නේ අනුන් නිසා බොරු වපුරන එකයි. හිටපු හෝ වර්තමාන රජයන් යම් ආයෝජනයක් කළානම් එය රටට වාසිදායක ලෙස ආදායම් ගත හැකි ලෙස සංවර්ධනය කලයුතුය. වරායක් යනු ජල තටාකයක් නොවේ... උදම් අනමින් නඩත්තු කිරීමට.
දිනේෂ, ඇයි මේ බබෙක් වගේ කතා කරන්නේ.? මතකද 18වැනි සංශෝධනය කරද්දී ඔය මුකුත් තිබ්බෙ නැහැ රටට හොඳද, නැද්ද කියලා... ඇයි මේ වගේ මහජනයාව රවට්ටන්නේ? ඇයි දිවිනැගුම පනත සම්මත කරද්දී මතකද ඔය ඒකාබද්ධයේ ඉන්න කට්ටියට?
දිනේෂ් ගුණවර්ධන මහත්තයෝ...කෝචිචිය ගියා.. ඔබ දැන් ප්‍රමාධයි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතික්‍රියාශීලිත්වය හරිම දුර්වලයි. එබැවින් මීට වඩා උපායශීලිවන්න. විපක්ෂයේ හාදයෝ නිසිවේලාවට අවදි කරවන්න.
අවශ්‍ය කාරණා ටික කියන්න එ් දීපු වෙලාව කොහෙත්ම ප්‍රමාණවත් නෑ. මේ වගේ රටේ තීරණාත්මක කාරණා පිළිබඳව කඩිමුඩියේ මතුපිටින් අතගාල රටට කොලේ වහල සම්මත කරන්න ගිය නිසා තමයි මේ අය විරුද්ධ වුණේ. අාණ්ඩුවට කඩේ යන අයට මේව පෙනුනත් එ් ගැන කතාවක්වත් නෑ.
එකාබද්ධය නම් වැඩක්ම නැහැ වගේ. වැඩ වරද්දගෙන දැන් සුදනෝ වෙන්න හදනවා. ඔවුන්ට බලය තිබුණ කාලේ දාපු ලෙඩ තමයි මේවා. මේ අවශ්‍ය ගිවිසුම් ඉක්මණින් අත්සන් කොට ක්‍රියාත්මක කරන්න. පාක්ෂිකයින්ටත්, තරුණයින්ටත් ඉක්මණින් රැකියා දෙන්න. එහෙම කළොත් අපි රජයත් සමගයි.
මෙහෙම ඉල්ලන්න දැන් පරක්කු වැඩියි.