IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අකර්මන්‍ය වෙයි


 
(සුමතිපාල දියගහගේ) 
 
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන්  ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය  අකර්මන්‍ය වී ඇතැයි  රාජ්‍ය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

වැටුප් හා විවිධ දිමනාවල ඇති විෂමතාවයන් නිවැරදි කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් පසු ගිය 28 වන දින සිට මෙම වැඩ වර්ජනය ආරම්භකර කරන ලදි.

විශ්වවිද්‍යාල තුළ ආරම්භකර ඇති මෙම වැඩ වර්ජනය නිසා ශ්‍රී ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය මෙවන විට අකර්මන්‍යව පවතින අතර සියලු දේශන විභාග මෙන්ම පුස්තකාල සේවාවන් පමණක් නොව පර්යේෂණ කටයුතුද ඇන හිට ඇතැයි ඔවුන් පවසයි. 

එහෙත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශය මේ ප්‍රශ්නය විසදීමට මෙතෙක් ඉදිරිපත් නොවිම කණගාටුවට කරුණක් බවද , මෙම ගැටළුව විසදීම සඳහා  කඩිනමින් මැදිහත්වන්නැයි  රාජ්‍ය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.



අදහස් (4)

අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අකර්මන්‍ය වෙයි

Romesh Jayamanna Monday, 12 March 2018 08:14 AM

නෑ. වර්ජනයට වැඩ නොකරන අය සඳහා වැටුප් ගෙවිය හැකිය. ඔවුන් වැඩ වර්ජනය කිරීමට ඉඩ හරින්න. මෙම වෘත්තීය සමිතිවලට සහාය දෙන සියල්ලන්ම ඉවත් කරන්න. සියළුම වෘත්තීය සමිති මාෆියාව ඔවුන්ගේ සියලු වැටුප් හා දීමනා සමග නොසැලකේ. සුළු ශ්‍රේණියේ සහ ලිපිකාර, තාක්ෂණික ශ්‍රේණිවල අමාත්‍ය ලැයිස්තුවේ බඳවා ගනු ලැබේ. අනිත් අයටත් අයුක්තියක්... රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුළ රැකියාවක් ලබා ගන්නේ කෙසේද? අනිත් අයටත් ඒ දේමයි. එහෙනම් ඇයි ඔවුන් ඉස්කෝලේ යනවා. රජයේ සේවයේ අතිරික්තයක් වන අතර වෘත්තීය සමිති වැඩ කරන සේවකයින් බොහෝ දෙනෙක් මේ වනවිට වැඩ කරන්නේ නැත. මම විශ්ව විද්‍යාල සරසවි කාර්ය මණ්ඩලයත්, මම දන්නවා මොකක්ද කියලා. මෙම මෝඩ පාලනාධිකාරය මෙන්ම එම්.ආර්.ඒ. ආණ්ඩුකරණය විශ්ව විද්‍යාල පද්ධතියට හානි සිදු විය. මේ අකාරුණික සේවකයින්ට දඬුවම් කරන්න.

:       53       280

arnold Monday, 12 March 2018 08:15 AM

මේක නම් පුදුම විකාරයක්, ඊයේ පෙරේදා දහ දාහක් වැඩිකරලා දුන්න නේ.. ඉහළ වැටුප් ද ඉල්ලන්නේ? හිතන්න පොඩ්ඩක් එක කාලෙකට ළමයි, ඊළඟට අධ්‍යයන, ඊළඟට අනධ්‍යයන. මේවට රටේ සල්ලි කොච්චර යනවද නිකරුනේ...

:       40       61

Upadi apeksakaMonday, 12 March 2018 09:56 AM

අනික ආර්නෝල්ඩ් මේ ළමයින්ගේ ජීවිත වයසට යනවා. ජොබ් ෂුවර් නැහැ.. පඩිත් නැහැ.

:       27       512

Asela Wanasinghe Monday, 12 March 2018 11:46 AM

අහිංසක ළමයගේ ජීවිත විනාශ කරන කාලකන්නිම තමයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site