(රංජන් කස්තුරි)
රටපුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරු අද (3) දවස පුරා පෞද්ගලික වෛද්‍ය සේවයෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.
පෞද්ගලික රෝහල් හා වෛද්‍ය සේවා ස්ථාන වලින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි රෝගීන්ට සේවය ලබා ගත නොහැකි වූ අතර ඇතැම් රෝගීන් පෞද්ගලික රෝහල් වලට කලින් ගෙවා තිබූ මුදල් නැවත ආපසු ගෙනා තිබිණි.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගේ සියයට 24 ආදායම් බද්ද පෙර තිබූ පරිදි සියයට 12 දක්වා අඩු කරන ලෙස බලකරමින් විශේෂඥ වෛද්‍යවරු එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙහි නිරත වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසාධාරණ බදු ක්‍රමයට විරෝධය පලකල වෛද්‍යවරුන්ට අපගේ උපහාරය. සමාන්‍ය ජනතාවට හෝ විපක්ෂයට මේ බදු ක්‍රමයට එරෙහි වීමට ශක්තියක් නොමැති වීම ගැන කනගාටුයි. මෙම අසාධාරණ බදු හා දඩ මුදල් අකාර්යක්ෂම දේශපාලඥයන්ගේ වරප්‍රසාද, වැටුප් හා අනෙකුත් සුඛවිහරණයට යෙදවීමට බලවත් විරෝධය පල කිරීමට ඕනෑම අයෙකුට සහයෝගය දෙමු.
විශේෂඥ වෛද්‍යවරයෙක් දවසකට රෝගීන් 50 ක් වත් බලනවා. රුපියල් 1500 ගානේ දවසක ආදායම 75000/- මාසෙකට ලක්ෂ 20 විතර අවුරුද්දකට ලක්ෂ 240 ක් ඉතින් එකෙන් ලක්ෂ 30 ක් බදු ගෙවන්න බැරි මොකද?
වෛද්‍යවරු වෘත්තිකයෝ කියලා වෙනසක් නැතුව හැමෝටම එක හා සමානවම නීති ක්‍රියාත්මක විය යුතුයි. බදු අඩු කරනවානම් හැමෝගෙම අඩු කරන්න ඕන. හැමෝම කරන්නෙ සේවයක්. වෛද්‍යවරයාද කම්කරුවාද කරන්නේ මුදලට තම සේවය විකිනීමයි.
දොස්තරලා අනිවාර්යයෙන් වැඩිපුර හම්බ කරන නිසා වැඩිපුර බදු ගෙවන්න ඕනේ...
මොකද බදු ගෙවන්න බැරි ? සාමාන්‍ය මහජනතාවගේ බදුමුදලින් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තමන් හම්බ කරනකොට බදු ගෙවන්න බැහැ. පුදුම නීතියක්නේ මේක. ඔබතුමාලා විතරද මේ රටේ ඉගෙනගන්නයි හම්බකරන්නයි ඕන ?
ප්‍රශ්නය නම්, නුගත් ගොන් වස්සන් විසින් උගත් බුද්ධිමතුන්ව පාලනය කරන්නට යාමයි. මෙය සෑම දෙයකටම ශ්‍රී ලංකාවේ පොදු ලක්ෂණයකි. රටක බදු ගැසිය යුතුය. බදු ගෙවීමද සිදී කල යුතුය. ඒ වගේම එම බදු අර්ථවත් විදිහට ආයෝජනය කල යුතුය. මෙය අර්ථවත් විදිහට ආයෝජනය කිරීමට උගත් බුද්ධිමතුන් විසින්, නිසි ක්‍රමෝපායන් යෙදිය යුතුය. නමුත් පාලන තන්ට්‍රයේ ඇත්තේ පක්ශාග්රාහී කුළු හරක් . ප්‍රශ්නය ඇත්තේ එතනයි. තවද මෙතනදී පොඩි එවුන්ට කෙලින් යාමට බල කර, මහා එවුන් හරහට යාම කොහෙත්ම අනුමත කල නොහැක. ඒ කෙසේ වෙතත් මෙවන් ගට්ටනයන්ගෙන් සැමදා තලෙනුයේ එදා වෙලා හම්බ කරන කන අසරණ මිනිසුන්ය. ඔවුන්ගේ ප්‍රශ්න චන්ද කාලයට පමණක් කතා කරන වහසි බස්ය. මෙය පටන් ගැනීමක් පමණි. මෙම බදු ප්‍රශ්නය මා හිතන ආකාරයට තව තවත් ඉදිරියේදී උග්‍ර වනු ඇත. එනම් සෑම රජයක්ම නය සහ බදු මගින්ම පමණක් රට කරවන්නට හදන ගොන් න්‍යාය තව දුරටත් කරන නිසාය.
වෛදය විදියාලයේ මේ අයට උගන්වන විෂයන්ගෙන් එකක් වෙන්නැති වැඩ වර්ජන විෂය.ලංකාවේ සාමානය කම්කරුවන්ට හා වෙනත් වෘත්තින්ට වඩා පහත් මානසික මට්ටමක් හා සමාජ ආකල්ප තමයි මේ වෛදයවරුන්ට තියෙන්නේ.
රටක බදු එම රටේ ජනතාවට සේවා සැලසීමට යොදා ගැනෙන දෙයක්. බදු නොමැතිව අද ලොව කිසිම රටක වැඩ කටයුතු කල නොහැකි බව සනාත වෙලා තියෙනවා. බදු ගෙවිය නොහැකි යයි කියන්නේ බදු නොගෙවා රෝගීන් සහ මහජනතාව ගසා කන පිරිසක් වීම මෙහි විශේෂත්වයයි. දුප්පත් මහජනතාව ගෙවූ බදු මුදල් වලින් ඉගෙනගෙන අද වනවිට වෘත්තීය සමිති වලට මුවාවී මේ කොකා පෙන්වනුයේද රජයට නොව අහිංසක ජනතාවටයි. ජනතාව මොවුන්ට මුලා නොවිය යුතුයි. ජනතාව බදුවලට විරුද්ධ විය යුත්තේ, රජය ඔවුන් වෙනුවෙන් ඒ බදු මුදල් යහපත් ලෙස වියදම් නොකරන්නේ නම් මිස පරණ ණය ගෙවා ජනතාව නිදහස් කරගන්නා විට නොවේ.
මහ නරකම මිනිස්සු කොටසක් බදු ගෙවන්න බැහැ. නමුත් සියලු සම්පත් සහ පහසුකම් පළමුවෙන් ඉල්ලන පිරිසක්...
මේ බදු ක්‍රමයට අපිත් විරුද්ධයි. ඒ වගේම දැන් තියන දොස්තර මාෆියාවට ඊට වඩා විරුද්දයි මම ජනපතිනම් මේ රොත්තම සයිබීරියාවට පිටුවහල් කරනවා (පුටින් එක්ක කතාකරලා) මේ කාක්කෝ ටික හැමදාම වර්ජනය කරනවා නම් හොඳයි. එතකොට හොඳ දොස්තරලා ටික ඉතිරිවේවි (විශේෂඥ වෛද්‍යවරයකුට මේ රටේ ගෙවන ගණන මදි... එක වෙනම ප්‍රශ්නයක්) එ්ක මිනිස්සු හූරගෙන කන ලයිසමක් කරගන්න එකයි වැරැද්ද..
ඉතා හොඳ තීරණයක්. රජයක් හැටියට මේක තහනම් කරලම දැම්මොත් හොඳයි.
මෙතන මධ්‍යම පන්තියේ කෙනෙක් ලෙස හිටියට ඔහු නම් තනිකරම හිඟන පන්තියේ අයෙක්. අද කිසියම් තැනක සිටියත්, තමන්ගේ පන්තියවත්, ශරීරයේ තිබෙන ජානවත් වෙනස් නොවන බව ඔහු විද්‍යාත්මකව ඔප්පුකර තිබෙනවා.
මේ බද්ද අඩුකළ බව පුවත්පත් මගින් දුටුවා.
හැමදාම මේ අය මෙහෙම කරනවා නම් රජයේ රෝහල් දියුණු වෙනවා..
දෙයක් කරන්න කලින් හිතා බලන්නේ නැති ස්ථිර ප්‍රතිපත්තියක් නැති කොන්ද පණනැති ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙල නින්දා සහගතයි.
මෙතන අදහස් දා ඇති බොහොමයක්ට නව බදු ගැන අවබෝධයක් නැති බව පේනවා. මෙතන වෛද්‍යවරුන් විරුද්ධ වෙලා තියෙන්නේ අසාධාරණ බදු අයකිරීමට උපයන විට බද්ද 12 සිට 14ට වැඩිවෙනවා. ඊට අමතරව වැට් සහ ආදායම් බද්ද? ඔක්කොම ආදයමෙන් 50% බදු සාධාරණද?
දොස්තරලා මේ සල්ලි කොල්ලකන්න හදන්නේ අසරණ රෝගීන්ගෙන් නේද? ලෝකේ හොඳම සෞඛ්‍යය කියලා කැටපත් අදින්නේ මේකද?
රටේ අසරණම වූ කොටසක් වන ලෙඩ්ඩුන්ව බිල්ලට දී තම අයිතවාසිකම් රකින්නට හදන පහත්ම දොස්තරලා ඉන්නේ මෙහි පමණයි.
පෞද්ගලික සේවය නම් එක දවසයි රජයේ නම් අඛණ්ඩ වැඩවර්ජන කොහොමද වෙනස
මගේ ඥාති දරුවෙකු ඕස්ට්‍රේලියාවේ අර්ධකාලීන රැකියාවක් කරමින් සරසවි අධ්‍යාපනය ලබනවා. වයස 19 යයි. ඔහුත් බදු ගෙවන්න බැඳී සිටිනවා. ඒ රටේ රජයේ සේවකයාත් බදුගෙවනවා. දැන් කියාවි අපොයි ඩොලර් වලින් හම්බු වෙනකොට මොකද බදුගෙවන්න බැරි කියලා. නමුත් එහෙ ජීවෙත් වෙන මිනිස්සුන්ගේ වියදමත් ඩොලර් වලින්ම තමයි. එකම වෙනස මම අසවල් උසස් වෘත්තීය කරනවා ඒ නිසා මට බදු ගෙවන්න බැහැ කියන මෝඩයන් ඒරටේ නැහැ. අපේ රට තවමත් එක තැන ලත වෙන්නේ , කිසිම ආර්ථික කළමනාකරණයක් නැති , නීතිය සැමටම පොදු නැති, විහිළුවක් බදු දේශපාලන රටාවක් ඇති රටක් නිසා .
දැන් තිබෙන අලුත්ම විලාසිතාව තමයි උගත් වෘත්තිකයන් , දේශපාලුවන්ට හොඳ නම් අපට මොකෝ බැරි කියමින් වෘත්තීය ගරුත්වය කෙලෙසා මහජනතාව අපහසුතාවයට පත් කිරීම . මෙහෙම ගියොත් අට පාස් දේශපාලකයන්ගේත් උගතුන්ගේත් වෙනසක් නැත. දෙගොල්ලන්ගෙන්ම රටට වැඩක් නැත . දේශපාලකයන්ගේ වරප්‍රසාද ගැන ගෝරනාඩු කරන්න රාජකාරි කාලය යොදවන සහ තමන්ට රටෙන් ලැබිය යුතු වරදාන ගැන පමණක් සිතන වෘත්තිකයාගෙන් රටට තියා දෙමව්පියන්ටවත් පලක් නැත.