(***රංජන් කස්තුරි සහ ***හර්ෂණ තුෂාර සිල්වා)
ව්‍යාපාර කේෂ්ත්‍රය සඳහා වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 11500 ක අතිරේක ණය මුදලක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නව ක්‍රමවේදයක් පෙරේදා (16) සිට හඳුන්වා දී තිබේ.
ඒ අනුව වාණිජ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු සියයට 4ක් ව තිබූ අනිවාර්ය තැන්පතු මුදල සියයට 2 දක්වා අඩුකර ඇත.
මෙම අඩුකිරීම හේතුවෙන් වාණිජ බැංකුවලට ගනුදෙනු කිරීම සඳහා අතිරේක මුදලක් ලැබෙන අතර විශේෂයෙන් බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ යෑම මගින් විවිධ කේෂ්ත්‍රවලට වැඩිපුර ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට හැකිවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
විශේෂයෙන් ව්‍යාපාර හා පුද්ගලයින්ට වාණිජ බැංකුවලින් වැඩි වැඩියෙන් ණය නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නව රජය බලයට පත්වන විට වාණිජ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය මුළු තැන්පතුවලින් සියයට 5ක්ව තබූ අතර එය ඉකුත් කාලයේ සියයට 4 දක්වා අඩු කිරීමටද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණ.
ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (16) රැස්වී එම තැන්පතු ප්‍රතිශතය මේ ආකාරයට සියයට 2දක්වා පහත දැමීමට පියවර ගෙන තිබේ.

COMMENTS
ඒ ඉතිරිවන 2% මුදල වගේ 10 ගුණයක් ණය මැවීමේ හැකියාව බැංකු වලට හිමිවෙනවා...
මූල්‍ය වෙළඳපලේ ද්‍රවශීලතාවය ඉහළ යාමතුළින් ඉතුරුම් සඳහා වන පොලි තවදුරටත් පහත වැටීමට ඉඩ ඇත.. එසේම ප්‍රතිමූල්‍ය ණය සහ සංචිත අනුපාත පහත දැමීම තුළින් බැංකු ණය මැවීමේ හැකියාව ඉහළ ගොස් උද්ධමනකාරී තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.
කෝවිඩ් නිසා වැටුණු ව්‍යාපාර නංවන්න සහන ණය දුන්නාට කමක් නැත. අලුතින් ව්‍යාපාර පටන් ගැනීමට සහන ණය දෙන්න එපා. එය තැන්පත් කරුවන්ට කරන අසාධාරණයක්...