(රංජන් කස්තුරි)
ස්ථානමාරුවීම් නියෝග ලැබ එහෙත් එම ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක නොවී සිටින සියලුම හෙද හෙදියන් අගෝස්තු 1 වැනි දාට පෙර මුදාහරින්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
හෙද හෙදියන්ගේ ස්ථාන මාරුවීම් ඉකුත් මැයි 1 වැනි දා ට පෙර සිදු කරන්නැයි නියෝග කර තිබුණ ද එය විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ස්ථාන මාරුවීමට නියමිත හෙද හෙදියන් මුදාහැරීමට කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව නිත්‍යානුකුල පියවර ගන්නැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
COMMENTS
මුන් ඔක්කොම පල හොරු. ජනතාව රවට්ටන කල කන්නි .. කෝ අල්ලපු හොරු
ඒ ගමන හෙදියන්ටත් වර්ජනය කරන්න ආරාධනා කරනවා වගේ. මේ වගේ පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට පත් කල චන්ද දායකයින්ට ඔහොම වෙලා මදි.
සෞඛ්‍ය සේවයේ මාෆියාව කඩා දැමීමට මේකත් ඉතා වටිනා පියවරක්