IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘දුම්රිය මගීන්ට ටිකට් දෙන්න‘‘

(යොහාන් භාසුර)

නියාමන ක්‍රමයකට හදුනාගෙන ප්‍රවේශපත් නිකුත් කිරීම හෝ දුරකථනය හරහා ආසන වෙන්කිරීමේ ක්‍රමයට හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්වීමට දුම්රිය ස්ථානයට පැමිණෙන මගී පහසුකම් සළසන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (25) පැවසීය.

අත්‍යවශ්‍ය සේවා සඳහා වන මගීන් නියාමනය කර ප්‍රවේශපතක් ලබාදී ගමනාගමන පහසුව සැළසීමේ ක්‍රමවේදයක් දුම්රිය ස්ථානධිපතිවරු යෝජනා කර තිබුණ ද දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකර මගී ජනතාව අපහසුතාවට පත්කරමින් දෙපාර්තමේන්තුවට පාඩු කරමින් සිටින බව කී සුමේධ සෝමරත්න මහතා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ මෙම තත්වය දිගින් දිගටම පැවතුණ හොත් මගී ජනතාව අපහසුතාවට පත්නොවන ලෙස දෙපාර්තමේන්තුවට දැනෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

දුම්රිය ස්ථානයට එන මගින් හරවා යෑවීම දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දී තිබෙන දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් පාඩු ලබමින් සිටින දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රවේශපත් නිකුත් කර ආදායමක් ලැබිය හැකි අවස්ථාව එය මඟ හැරීම ගැටලුකාරී බවත් සෝමරත්න මහතා කීය.

මරදානේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගම් මූලස්ථානයේදී අද (25)  පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එහි සභාපති සුමේධ සෝමරත්න මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර සහ එම සංගමයේ සාමාජික සංජය ජයසුන්දර යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.  



අදහස් (4)

‘‘දුම්රිය මගීන්ට ටිකට් දෙන්න‘‘

Saman Monday, 25 October 2021 07:39 PM

මගීන් ගැන ඇයි මේ හදිසි කරුණාවක්...?

:       1       4

WCA Monday, 25 October 2021 10:07 PM

ඔව් දුම්රිය නැතිවෙනකොට කිබුල් කදුළු. දැන් පටන්ගත්ත විතරයි ස්ට්‍රයික් කරන්න හිතන්නේ. අර වහල තිබුනේ කාලේ කලානම් මොකෝ වෙන්නේ. තනිකර බොරුවෙන් ජිවත් වන තවත් ජාතියක්. ඔය වෘතිය සමිති චන්ඩි පාට් දැන් කාලේ හරියන්නේ නෑ.1980-90 ගණන්වල කරපු ගොඩක් වෘතිය සමිති චන්ඩින්ට දැන් අඩුගානේ ස්ට්‍රයික් කියන නමවත් කියගන්න බැරිවෙලා . මෙගොල්ලොන්ටත් වෙන්නේ තවටික දවසකින් ඕකම තමයි දැන්වත් ඔලුව පාවිච්චි කරලා තීරණ ගත්තේ නැත්නම්.

:       1       7

ධර්මසිරි Tuesday, 26 October 2021 08:36 AM

ඊයේ කොළඹ කොටුවෙන් පටන් ගත්ත ගම්පහ, කඩවත, නිට්ටඹුව බස් පොල් පටවලා කිටි කිටියෙ හිරවෙලා ගියේ. ජීවිත ආශාව නිසා මම හව 6.15 ට ආව රඹුක්කන කෝච්චියට නැඟ ගත්තා. කෝච්චිය තනිකරම හිස්. කොටුව ස්ටේශන් එකෙන් සීසන් බලලා ඇතුලට ගත්ත පොඩි ස්ටේශන්වලින් සීසන් නැති අය කෝච්චියට ගොඩ උනා. කරුණාකරලා කෝච්චි ටිකට් දෙන්න. ඒකෙන් රජයට ආදායමකුත් ලැබෙනවා. කෝවිඩ් අවධානමකුත් නැහැ.

:       0       1

siran Tuesday, 26 October 2021 09:57 AM

රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණයකට අනුගත වෙනවා හැර එය විවේචනය කිරීම මෙම නිලධාරීන්ට අවශ්‍ය නැත. නිදහස් අධ්‍යාපනය ., රෝහල් මෙන් ප්‍රවාහනය නොමිලේ දෙනවානම් ඊට විරුද්ධ වීම අවශ්‍ය නොවේ. ප්‍රවේශ පත් ලබානොදීමෙන් තමන්ට වන අනියම් ලාභ අඩුවීම මෙම උද්ඝෝෂණ වලට හේතු විය හැකියි. දුම්රිය කෙසේවත් මෙලෙස ඉදිරියට යා නොහැක. වහාම පුද්ගලික අයිතිය ඇති සමාගමක් කලයුතුය. විවිධ ගසා කෑම් තවදුරටත් රටට ඔරොත්තු නොදේ. දිනකට ලැබෙන ආදායම තෙල් සඳහා වත් ප්‍රමාණවත් නැති තත්වයක් තුල මෙම සුදු අලියාට නිසි කළමනා කාරිත්වයක් ලැබිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site