(සිතුම් චතුරංග)
තම රාජකාරි අවශ්‍යතා සඳහා නිල වාහනයක් මෙතෙක් ලබා දී නැතැයි පවසමින් වවුනියාව නගරාධිපති ඊ. ගෞතමන් මහතා ඊයේ (11) නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයක නැගී රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන අයුරු දැක ගත හැකි විය.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීම් කිහිපයක් සඳහා නගරාධිපතිවරයා එලෙස කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථවල නැගී ගමන් කළේය.
නගරාධිපතිවරයා පවසා සිටියේ, වවුනියාව නගර සභාවට රාජකාරි ගමන් යෑම සඳහා වාහන දෙකක් පමණක් ඇති බවත්, එය මේ වන විට දැඩි අබලන් තත්ත්වයක පවතින බවත් එහෙත් ඒවා අලුත්වැඩියාව සඳහා යොමු කර නොමැති බවත්ය.
අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද, කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඊයේ (11) සිට තමන් කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයකින් රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන බව ද කීය.
නගර සභාවේ ලේකම්ට හෝ ගණකාධිකාරිවරයාට ද වාහන නොමැති බවත්, නගර සභාවට අවශ්‍ය පවිත්‍රතා සේවකයින් 14 දෙනකු බඳවා ගැනීම ද පළාත් සභාව විසින් නතර කර ඇති බවත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේ ට්‍රැක්ටරයෙන්ම රාජකාරියට යන්න... මිනිස්සු ඔබතුමාව අදහයි...
මේ ටැක්ටරේ කුණු අදින්න යොදවලා ඔබතුමා බයිසිකලයක යන්න
අනික් කට්ටියවත් ඔය විදියට යවන්න.
ඒක තමයි කියන්නේ මහජන සේවය කියලා. සැප වාහන බලාපොරොත්තු වෙන්න බැහැ. බලයට එන්න කලින් පොරොන්දු වෙනවා පැය 24 ම මගේ දොර විවෘතයි, රෑ දවල්, අව්ව වැස්ස අපිට අදාළ නැහැ කියලා. ඒ නිසා මේක හොඳ ආදර්ශයක්.
නීති විරෝධී ආකාරයට ට්‍රැක්ටරයක යාම නිසා මොහුට නඩු පැවරිය යුතුයි..වවුනියාවට පොලිසියක් නැද්ද? අපි ගියා නම් බඩු බනිස් තමයි..නො එසේනම් නීතිය නොදත් පුද්ගලයින් ඉහල පුටුවලට පත්කර ඇත.
හරි, දැන් මොකටද ට්‍රේලර් එකත් අරන් යන්නේ?
ආයතනයක වාහන අබලන් නම් ඒවා අලුත්වැඩියා කරවාගැනීමට ආයතන ප්‍රධානී, නගරසභා සභාපතිට නොහැකිය කියන්නේ ඔහු පාලනයට අදක්ෂයෙකු බවයි. වහාම වෙනත් කෙනෙකුට භාරදී ඉල්ලා අස්වෙන්න..
කොහොමත් කුණු ගේන්න ඕනේ කුණු ට්‍රැක්ටර් රථයක තමයි. මෙයාලත් ඔය දවස ගානේ ගෙනත් ගොඩ ගහන කුණු... කඳුවලට වඩා විශාලයි. ඕවා කරවල පටෝනවට වඩා හොඳ ඔහොම ගේන එක..