
(සුජිත් හේවාජුලිගේ)
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇතැයි පැවැසූ වීරතුංග මහතා ඒ ආයතනය හදන එන්නත් ඉන්දියාවට ද අද මදි වී ඇතැයි ප්‍රකාශ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.
එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසයි.
එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා මුලින් නම් කිව්වේ ඔය කතාව නොවේ. හෙට අනිද්දා කියාවිද දන්නේ නැහැනේ ඔය දෙවැනි එන්නත දැන් අප රටේ තියෙන ඕනෑම එන්නතක් සුදුසු බව... අපි වගකීමෙන් කියනවා ජනතාව මේ ගැන කිසිම බියක් ඇතිකරගන්න එපා කියලා..
කොහෙද පැනියකුයි මුට්ටියකුයි පස්සේ ගියා මිස වෙලාවක් තිබුනයි. අර එකෙක් කිව්වේ අපිටඑන්නත් ඕනි නෑ කියල. මෙහෙමත් ආණ්ඩු
ඔහොම කියල තමන්ගේ වග කීම මග හරින්න නම් උත්සාහ කරන්න එපා.
හිරගදෙරට තියනවලු නේද ප්‍රමාණයක්
කිසිම රටක් කොරෝන වසංගතය තියාගෙන පිටරටවල් වලට එන්නත් ලබාදෙන්ඩ අකමැතියි. ඒ සදහා එම රටවල මහා ජනතාව දැඩි ලෙස විරුද්ද වෙන බව නොරහසක්. ඉන්දියාව වර්තමානයේ මුහුණ දෙන තත්වය අනුව එරටින් අපනයන ඉඩ නොදේ. එනමුත් තම වගකීම උපරිමයෙන් වෙන කැපවීම අගය කොට සලකමි.
ඕකට තමයි කියන්නේ නොහැකියාව කියලා...
රටවල් අතර සහසම්බන්ධතාවයකින් කටයුතු නොකරපු එකේ ප්‍රතිවිපාක තමා ඔය . මතක තියා ගන්න රටවල් දෙක තුනක් විතරක් නෙවෙයි ලෝකයේ තියෙන්නෙ කියල....
සජිත් කිව්ව දේ හරි. කිසිම ප්ලෑන් එකක් නැහැ.
ඔබතුමන්ලාගේ දුර්වල පාලනය ගැන වටහා ගන්නට රටට හා ජනතාවට තවත් සාක්ෂි ඕනෑ නැහැ. කොහෙද, මේ රටට දැන් තියෙන්නෙත්, දුර්වල විපක්ෂයක් නේ. මේ රට විනාශයට පත්කළේ මේ පක්ෂ විපක්ෂ දේශපාලන හැතිකරයම තමයි. ඔය කෑ මොර දෙන සජිත්ලාට බලය ගියත්, මීටත් වඩා අන්ත වෙවි. එයාගේ හොඳ නායකයෙකුගේ තිබියයුතු ලක්ෂණ නැහැ. රන්ජන් බේරගන්න ජනපති ඉදිරියේ නිවට වෙනවා. ඒ එක්කම ආණ්ඩුව විවේචනය කරනවා. කොහොමද මේ අයව විශ්වාස කරන්නේ? හරි වැරැද්ද කුමක් වුවත්, සජිත්ට වඩා ප්‍රේමදාසට කොන්දක් තිබුණා. ජේවීපී එකෙත් තියෙන්නේ නයා මරන්නෙත් නැති, පොල්ල කරන්නෙත් නැති ක්‍රමයක්. ඒ අය අරමුණු කරන්නේ, පවතින වාතාවරණයෙන් තමන්ගේ අනාගත ජය තහවුරු කරගන්නේ කෙසේද කියලයි. මේ රටේ ඉන්න දේශපාලකයන්ගේ හා පක්ෂ වලට ඕනෑ තමන්ගේ බලය මිසක් රටේ ජනතාවට සෙත සැලසීම නෙමෙයි. අපි මහා අවාසනාවන්ත මිනිසුන් නොවේද?
මේ වෙලාවේ සල්ලි වලට වඩා එන්නත් වලට වැඩි වටිනාකමක් තියෙනවා හැම තැනම. ඒ නිසා සිනෝෆාම් හරි ස්පුට්නික් හරි ලබාගෙන ඒක ඇස්ට්‍රා සෙනෙකා එක්ක හුවමාරු කරගන්න පුළුවන් රටක් හොයාගන්න. තානාධිපති කාර්යාල වල සහාය ලබාගන්න උත්සාහ කරන්න.
මිග් ගෙනාවා... යුක්රේන් සංචාරකයෝ ගෙනාවා... බැරිද ඕකත් උදයංගටම කියලා ගෙන්වගන්න.
වරායේ ජැටිය නිසා කැඩුණු ඉන්දියානු හිත හදන්න එන්නත ගත්තා. ඒකේ පසු විපාක සේරම රටේ මිනිස්සුන්ගෙන් සැගවූවා. දැන් කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. අවස්ථාවට කට්ටියම සපැමිණිලා ඉන්නේ.. අපටත් අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි.
කොල්ලට සිල් රෙදි හොයන්න කිව්ව නම් ටොන් ගනනක් හෙට ගෙනෙයි ...
මේ අයට නම් අවුලක් නැතුවා. දෙවෙනි එන්නතත් කල්තියාම ගහගෙන... බල තණ්හාව ඉහටත් උඩින් තියෙන උදවියනේ...
මෙයාලා මේ රජයේ සේවයට සුදුසු නැහැ. හිතාගෙන ඉන්නේ මහලොකු පරිණත වැඩකාරයින් කියලා. ප්ලෑනින් අසමත්.. ඉතින් තවත් මොකටද තියාගෙන ඉන්නේ? ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා..
රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් පත්වෙලා ඉන්නේ නිකම්ද? තමුන්ගේ පවුල්වල කට්ටියට නම් දෙවැනි එන්නත හොයාගන්න අමාරු වුනේ නැතුව ඇති...
සැලැස්මක් තියෙනවා කියපු කටින් වසුරු වැටේ....
ඩෙන්මාර්කය තානාපති කාර්යාලයෙන් විමසන්න! ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය නැවැත්වීමෙන් පසු දුප්පත් ජාතීන් සමඟ බෙදා ගැනීමේ විකල්පයන් පරීක්ෂා කරමින් සිටියි.
සිල් රෙදි තියනවා දෙන්නද?
ලලිත් වීරතුංග මහජන මුදලින් පඩි ගන්නවා නේද? ගන්න පඩියට වගකීම් ඉටුකරන්න තමුන්ගේ අම්මා තාත්තා කියලා දුන්නේ නැතිද? පිනට කකා බිබී ඉන්න දුර්දාන්තයින්ට වදින සාපය තමුන්ලාටත් කැරකෙන්න පුළුවන්.