ඩයනා උදයංගනී
තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට ලැබුණු කාලයේදී කළ යුතු දේවල් කළ යුතුයැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේදී අද (20) පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක්වෙමිනි.
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ගේ නිදහස නොවන බව කී ජනාධිපතිවරයා ලැබී ඇති නිදහස ආරක්ෂා කරගැනීම මාධ්‍ය සතු වගකීමක් බවද කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.