(ඉන්දිකා රාමනායක)
වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි .
මෙම හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වීමට අකමැති පිරිස වලට තර්ජනය කර ඔවුන් සඳහා ඒ සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම,මෙම කාලය තුළ ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට තර්ජනය කිරීම ආදී කරුණු බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එවැනි කටයුතු වල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය කියයි.
ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබාදී ඇති අයිතියට පොලිසිය විසින් ගරු කරන බවත්, එම අයිතියට මුවාවී අන් අයගේ අයිතිය යටපත් කරමින් කටයුතු නොකරන්නැයි පොලිිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී .
COMMENTS
එහෙම තමයි හැම අරගලයක්ම මේ තාක්කල් පැවැත්වූයේ... පොලිසිය ඇවිල්ලා තමයි ඒවා සවුත්තු කරලා දරුණු තත්ත්වයට පත් කළේ... මානව හිමිකම් සංවිධානය ඔය අරගල දිහා හොඳට බලාගෙන ඉන්නේ. පොලිසිය ඒක මතක තියා ගත්තොත් හොඳයි.
සාමකාමීව කරන අරගන.., කඳුළු ගෑස්වලින්, වෙඩි උණ්ඩෙන් අවසන් කෙරුවෙත් පොලිසියම තමයි.
රටම අකර්මණ්‍ය කර බිංදුවටම දමා කාටද රට බාරදෙන්න හදන්නේ? කවුද ඒක බාරගෙන නැවත නගා සිටුවන්නේ? මගේ රටට හොඳක් වෙනවා නම් මමත් කැමතියි. නමුත් මේ සිදුවන්නේ කුමන්ත්‍රණයක තවත් කොටසක් මිසක ප්‍රශ්නයට සැබෑ විසඳුම හෙවීමේ සාධනීය ක්‍රියාදාමයක් නොවන වගයි පෙනීයන්නේ...!
හිතවත් පොලීසිය වෙත. ජනතාව තවමත් කරන්නේ සාමකාමී අරගලයක් තමයි. අඩුගානේ ඔයාලට ගලකින්වත් ගැහුවේ නැහැ. ඔයාලා ඒක මැද්දට පැනලා මීහරක් වගේ කුලප්පු නොකර හිටියොත් හරි. ඔයාලගේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගිහිල්ලා ගහන්න අර 225 ක් වන නරුමයින්ට...