
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් බෙදාහැරීම, ගබඩා කිරීම සහ අළෙවි කිරීම එම සමාගමේ බලයලත් බෙදාහැරීමේ සහ අළෙවි නියෝජිතයන් හරහා පමණක් ක්‍රියාත්මක වන බවත් වෙනත් පාර්ශවයන් ලිට්‍රෝ ගෑස් ගබඩා කිරීම සහ තොග පවත්වාගෙන යන්නේ නම් එය එම සමාගමේ මැදිහත්වීමකින් සිදුවන්නක් නොවන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගෑස් පුද්ගලිකව ගබඩා කිරීම අනුමත නොකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම වැඩි දුරටත් කියයි.
දේශපාලඥායින් කීපදෙනෙකුගේ නිවෙස්වල ලිට්‍රෝ ගෑස් විශාල ප්‍රමාණයෙන් ගබඩා කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය හරහා දැකගත හැකි වූ අතර ඒ පිළිබඳව අවදානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම එම නිවේදනය නිකුත් කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.