(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන මෙම තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු එම ළමා නිවාසයේ පාලිකාව ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය කියයි.
මේ වන විට මෙම තරුණිය අවුරුදු 20 ක වයසේ පසුවන තැනැත්තියකි.
ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇගේ සැමියා ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
මේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමේදී ළමා නිවාසයේ දැරියන් දස දෙනකුට සැකකරු ෙ වරින් වර ලිංගික අපයෝජෙවලට ලක්කර ඇති බවට තොරතුරු හෙළි විණි යැයි පොලිසිය සඳහන් කරයි.
බිරිඳ පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවල මෙසේ මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂවලින් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු රක්වාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10ක් කෙළෙසලා
සමන්ත Monday, 27 February 2023 06:55 AM
ලංකාවේ ලමා නිවාස බොහෝමයක් එන්ජී ඕ හරහා පාලනය වෙනවා මේ සම්බන්ධව නිවැරදි අධීක්ෂණයක් රජයට නෑ ඒ වගේ ඉන්න ලමයි ඒ වගෙ ඉන්නවට වඩා හොදයි පාරේ හිගා කෑව නම් කියලා හිතෙනවා ඇති පොඩි උන්ට, කවුද මේවා ගැන හොයලා බලන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ දඟලනවා ඊට පස්සේ ඔක්කොම අමතකයි
Rohana Monday, 27 February 2023 07:56 AM
මුගේ අරක තමයි අරක කියන්නෙ.
Bunny Preena Monday, 27 February 2023 09:42 AM
ස්වාමියාගෙ නරක හැසිරීම නිසා එම පාලිකාවගෙ සහ පවුලෙ අයගෙ කීර්තිනාමයන්ටත් බරපතල කැලැලක් සිදු විමෙන් ඔවුනට සමාජයට මුහුන දීමට නොහැකි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. කාමයෙ වරදවා හැසිරීමෙ විපාක මිනිසුන්ගෙ ජීවිත උඩු යටිකුරු කරනව.. නින්දා අපහාස විදින්නට සිදුවෙනව.
Gagana Monday, 27 February 2023 10:32 AM
අනිවාර්යයෙන් මුගේ ශිෂ්ණය කපාදමා ජීවත් වන්නට දෙන්න
fairoos Monday, 27 February 2023 01:30 PM
මෙහෙමත් කාලකණ්ණින්... නිසි දඬුවම් නොමැතිවීම මෙම අපරාධවලට මුලයි.