
(පාලිත ආරියවංශ)
බදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) සවස ගම්වැසියෙකු විසින් පහරදීමේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
ගම්වැසියෝ එක්ව පහරදීම කළ පුද්ගලයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ලකොට ොනිවැසියන් නිවාසය තුළම හිරකොට විරෝධතාවය දක්වමින් සිටිති.
බදුල්ල පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී.
අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනාසිටින හිමි නමකි.
විහාස්ථානය අසළ නිවාස කීපයකට අපජලය ගලායන ලෙස එම පුද්ගලයා කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධවීම නිසා මෙම හිමිනමට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිබෙට් රටෙන් ආවා නම් ඒ විදියට ඉන්න. මේක සිංහල, ටිබෙට්/චීන එහෙම නෙවෙයි.
සිවුරක් ගෑවුණු තැන අපේ අය හරි ඉක්මණින්ම ඇවිස්සෙන්න පුලුවන්. ඕකම තමයි ලංකාවේ අය කෙළවාගන්නේ...
එතකොට අනුන්ගේ වතුවලට තමන්ගේ ගෙදර කුණුවතුර යවන එක හරිද? ලෝකෙම අපවිත්‍රකරලා තමන්ගේ රෙද්ද හෝදන එක තමයි සමහරුන්ගේ හැටි..