IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හාලිඇල ජලයෙන් යටවේ


(ඩී.කේ.රත්න)
හාලිඇල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානාපාත වර්ෂාවත් සමග හාලිඇල නගරයේ හාලිඇල ගලඋඩ හරහා නක්දකැටිය මාර්ගය අද (14) හවස සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් මෙම මාර්ගය භාවිතා කරන විශාල පිරිසක් දැඩි   දුෂ්කරතාවයකට පත්වූහ.
මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා මෙම මාර්ගයේ පා ගමනින් ගමන් ගන්නා ජනතාව හා මෙම මාර්ගයේ රථවාහන ධාවනයේ යෙදුන පිරිස් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි අයුරු දක්නට ලැබිණි.
අලුත් අවුරුදු දිනයේ නෑගම් ගොස් නැවත සිය නිවෙස් කරා පැමිනෙමින් සිටි පිරිස් සහ විවිධ ප්‍රදේශවලට ගමන් ගන්නා පිරිස් මෙසේ දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
හාලිඇල නගරයේ නිසි කානු පද්ධතියක් නොමතිවීම නිසා වැසි දිනවලදී හාලිඇල නගරය පුරා ගලා යන වැසි ජලය මෙම මාර්ගයට පැමිනීමත් හාලිඇල නගරය ආසන්නයේම පිහිටි වෙල්යායෙන් ගලා එන ජල ධාරාව මෙම මාර්ගයට යටින් ගලා යාමට නිසි ක්‍රමවේදයක් නොමතිවීම නිසාත් මෙම මාර්ගය ජලයෙන් යටවීම සිදුවී ඇතයි නගරවාසීහු කියති.

 



අදහස් (1)

හාලිඇල ජලයෙන් යටවේ

මෝ Wednesday, 14 April 2021 05:29 PM

සොබාදහමට එරෙහි වූ කිසිම ජාතියකට සොබාදහම කිසිම සමාවක් නොදේ. සොබාදහම ඉදිරියේ දී අපිට බොහෝ පාඩම් උගන්වනු ඇත. එතෙක් අපි පිස්සුම නටමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site