
දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟතාවක් ඇති කර ගත්තේය.
පක්ෂ දෙකේම නායකයන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව දැනුම් දුන්නේය. දේශපාලන පටු අරමුණු පසෙකලා, රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමටත්, ආර්ථික වශයෙන් දුර්වල වුණු රට නැගී සිටුවීමටත් පියවර ගන්නා බවට ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවුල කොයි මොහොතේ කඩාවැටෙයිද දන්නේ නෑ. මැතිවරණයට පෙර පසමිතුරු වුණාට ඉම්රාන්ගේ බලය බිඳීමට පසමිතුරු වුණත් එක්වෙන්න කැමැතියි.