වොල්ගා කල්පනී’’ ඔහු කෙරෙහි වූ කල්පනාවේ නිමග්නවූ සෑම නිමේෂයකදීම සිනා පිපෙනා වසන්තය ගැන ඇස් දෙක පියාන සිහින මැව්වාය. දෙදෙනාට දෙදෙනා හමුවී දහසය වසරක් වුවද ඒ සිනා පීදුණු මල් වසන්තය උදාවූයේ මේ ගිම්හාන කාලයේදීය. මේ ගිම්හාන කාලයේ ඒ වසන්තය පීදිනි.
‘‘මම හරි ආසයි ‘සිනා පිපෙනා මේ වසන්තය’ ගීතයට ඒ වසන්තය උදාවන තෙක් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්, අපේ අම්මා - තාත්තා වගේම හර්ෂණගෙ අම්මා තාත්තාත් ජ්‍යෝතිශය විශ්වාස කරනවා. අපි දෙන්නා ජ්‍යෝතිශය ගැන පන්නාගෙන නොගියත්, ඒ ගැන තරමකට විශ්වාස කරනවා. ඒ හැරත් අපි දෙන්නම බෞද්ධාගමිකයින්. මේ විවාහය වෙනුවෙන් නැකත් බැලූවෙ අවුරුද්දකට විතර කලින්. මේ අගෝස්තු 10 දිනය ලැබුණෙ අවුරුද්දකට පෙරදීයි.
ඒ අනුව මේ විවාහයේ චාරිත‍්‍රානුකූල සිරිත්වලට මුල්තැන දුන් කටයුතු සිද්ධ වුණේ 10 වැනිදා උදේ වරුවේ කොළඹ ගංගාරාමයේදීයි. ඒ අවස්ථාව ඉතාම චාමෙට සිද්ධ වුණා. අපි දෙන්නගෙ පවුලේ ඥාති හිතමිත‍්‍රාදීන් සහ පවුලට ළඟම හිතවතුන් තමයි ඒ අවස්ථාවට සහභාගී වුණේ. එතකොට මගේ යෙහෙළියන් ලෙස බුවනි දියලගොඩ, ධනංජි තාරුකා, සඳනි පතිරණ සහ සචිනි නංගි පෙනී සිටියා. හර්ෂණගෙ යහළුවන් ලෙස ශමීර ශානක, ධනුක දිල්ෂාන්, ජනිත් වික‍්‍රමගේ, ශාඛ්‍ය නිර්මාණ එක්වුණා. මගේ පාර්ශවය වෙනුවෙන් අත්සන් තැබුවේ ප‍්‍රවීන කලාකරු සනත් ගුණතිලක මහතා. හර්ෂණ වෙනුවෙන් ප‍්‍රවීන රංගවේදී ශ‍්‍රියන්ත මෙන්ඩිස් අත්සන් කළා.’’
ටෙලි තිරයේ හැඩකාර චරිත සමග විටින් විට හමුවන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනීගේ විවාහය සිදුවුණේ ඔන්න ඔය විදියටයි. ඒ විවාහය ඒ විදියට යථාර්ථයක්වූ මොහොතක විවාහය යනු කුමක්ද?
වොල්ගා ඇයට දැනෙන හැඟීම් ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
අපි අපේ මව්පියන්ගෙන් දැකපු දේ තියෙනවා. විවාහය කියන්නෙ එකිනෙකාට ගෞරව කරමින් යන ගමනක්. යුතුකම් වගකීම් ගැන වටහා ගෙන කටයුතු කළ යුතු දෙයක්. අද මට විවාහය ගැන දැනෙන්නෙ එහෙමයි. ඒත් හෙට ජීවිතයට තව එකතු වන දේ එක්ක එයට තවත් දේ එක්වේවි. ඒ අනුව ජීවිතය අවබෝධ කරගැනීම වැදගත්.
වොල්ගා විවාහය ගැන එලෙස හැඟීම් ප‍්‍රකාශ කරද්දී හර්ෂණගෙන් අපි ඇහුවේ ‘‘ජීවිතය’’ කියන්නෙ මොකක්ද කියලයි.
‘‘ජීවිතේ ගැන මෙතෙක් කාලයක් මම හිතුවෙ සැහැල්ලූවෙන්. දැනුත් එහෙම තමයි. හැබැයි ජීවිතය මොන වගේද කියන් තරම් ජීවිතයේ තවම මම දුර ගමනක් ගිහින් නැහැ. ‘‘විවාහයෙන් පස්සෙ වගකීම් යුතුකම් වැඩි බව නම් හැඟෙනවා. ඉතින් පෙර ලෙස නිදහසම බුක්ති විඳින්න බැරි වේවි. ඒත් ‘‘ජීවිතය හරිම හොඳයි’’ මට අද දැනෙන්නෙ එහෙමයි.
එතකොට මේ ඔබගෙ ප‍්‍රථම පේ‍්‍රමයද?
ඔව් මේක මගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. පාසල් කාලයේදී හමුවක් තිබුණා. හැබැයි ඒක පේ‍්‍රමයක් වුණේ නැහැ. මට දැනුණ පේ‍්‍රමය මෙයම තමා.
වොල්ගාටත් එහෙමද?
ඔව් ඉතින් මාත් දන්න කියන කාලයේ ඉඳලාම දැන හැඳිනගෙන සිටියෙ හර්ෂණ අයියා තමයි. එය පසුව ප‍්‍රකාශ කළ ආදරයක් වුණා. මේ විදියට අතිනත ගත්ත වොල්ගා - හර්ෂණ යුවළගේ දෙවැනි ගමනේ උත්සවය පැවැත්වෙන්නෙ හෙට (15 වැනිදා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදීය. චමත්කාර ෆ්ලෝරා මල් වැස්සෙන් චමත්කාර වන ඒ මොහොතට කලා ලොවේ තරු පිරිවරකට ආරාධනා කර ඇති බැව් මේ දෙදෙනා පවසති.
තරු පිරිවරාගත් ඒ හැන්දෑව සුන්දරම මොහොතක් වේවි. මේ දෙදෙනාට ආදරය කරන රසික රසිකාවියනට එය නුදුරේදී රූපවාහිනී චැනල වලින් දකින්නටත් ලැබේවි.
‘‘හර්ෂණ-වොල්ගා’’ ආදරණීය ටෙලි තරු යුවළට අපගේ සුබ පැතුම්. සුබ මංගලම්! ජය මංගලම්!
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'හර්ෂණ + වොල්ගා' වසන්තයේ ගමනට එක්වූ මොහොත...