IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය.

සිය සහෝදර මන්ත්‍රීවරයකු වන, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට සහය දැක්වීමක් වශයෙන් මන්ත්‍රීවරයා මෙම පියවර ගෙන තිබිණි.

රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු වී, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර ලබාදෙන තුරු තමා මේ ආකාරයට කළු සාටකයක් පැළඳ පැමිණෙන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

(ඡායාරූපය - පාර්ලිමේන්තු වෙබ් අඩවියෙනි)



අදහස් (33)

හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි

Bimal Wednesday, 20 January 2021 09:47 AM

කොහොමත් මේ අය එක වල්ලේ ගෙඩිනේ..

:       30       117

NimalWednesday, 20 January 2021 07:04 PM

එලොවටත් නැති, මෙලොවටත් නැති තවත් එක දේශපාලන පරාජිතයෙක්...!

:       6       5

nimal kWednesday, 20 January 2021 11:39 PM

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2/3ක බලයක් ලබාදී තිබෙනුයේ රටේ සහ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වුවත් මෙම පාර්ලිමේන්තුවේ සිටින්නා වූ පක්ෂ විපක්ෂ සියලුදෙනාම රටේ ජනතාවට කිසිසේත්ම අදාල නොවන ඔවුන්ගේ පුද්ගලික පවුල් අවුල් රටට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නා වූ ආයතනයක් බවට පත්ව ඇත. ජනතාව මේ වනවිට පාසල් සිසුන්ට කියා සිටින්නේ සත්වෝද්‍යානය තිබෙනුයේ දෙහිවල නොව කෝට්ටේ කියායි. සිංහයා හැර සියලු සතුන් මෙහි සිටින බව මන්ත්‍රී සගයන් විසින්ම රටට කියා සිටියි...

:       0       7

RaveendraThursday, 21 January 2021 08:15 AM

සහතික ඇත්ත මේ සත්වයන් විවිධ පාරිසරික වනාන්තරවලට අයත් සත්ව කොට්ඨාශ වන අතර උන් උන් අතරේද අප්‍රමාණ වූ ඇනකොටා ගැනිලිද නිමක් නැත. මෝඩ ඡන්ද දායකයන් වන අප සියල්ලෝම "මෙවන් කාලකන්නි 225ක් රටේ දියුණුවට තෝරාපත්කර ගැනීම සියලුම ලාංකිකයන් විසින් ගෙල වැලලා ගැනීමක් නොවේද? මෙම අදහස් දියවන්නාවේ 225 ටම කියැවීමට හැකිවේවා...!!! 

:       0       4

Prabha Wednesday, 20 January 2021 09:57 AM

මේ රජ කපටියෝ කියන දෙයක් පාර්ලිමේන්තුව ඇතුලේ විතරයි. අර රජා හත්පොළේ ගාගත්තා.

:       58       124

SUNIL MILANO Wednesday, 20 January 2021 10:02 AM

එලොවටත් නැහැ.. මෙලොවටත් නැහැ.

:       19       134

කොටියා Wednesday, 20 January 2021 10:12 AM

ඕක ඇඳන් පාර්ලිමේන්තු එන්න එපා... ඕක ඇඳන් උදේ, හවස ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. එතකොට අනිවාර්යයෙන් රන්ජාව නිදහස් කරයි.

:       16       93

ජීවන් Wednesday, 20 January 2021 10:13 AM

ඔවැනි ක්‍රියා වලින් වීරයකු විය නොහැක. මුලින්ම දැන ගත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැන්මට එදා කටයුතු කළේ නම් ඔබ වීරයකි.

:       25       120

මුණසිංහ Wednesday, 20 January 2021 10:39 AM

දෙයියන්ගේ හාල් කැවිලා. තාත්තා කියන්න ඇත්තේ. කලු ඇඳන් යන්න කියලා. මෙහෙම අය පාර්ලිමේන්තුවටත් නින්දාවක්...

:       31       91

beau Wednesday, 20 January 2021 10:49 AM

ආ...!!! එහෙමද? මෙයාවත් යවන්න ඕනේ රංජාගේ කූඩුවටම?

:       30       79

Bamunuarachchi Wednesday, 20 January 2021 10:56 AM

ඕක මොකක්ද? අපි ඔබ වෙනුවෙන් සුදු කොඩි දාන්නම්කෝ...

:       42       113

bandaWednesday, 20 January 2021 11:18 AM

නන්දසේන කිව්වේ ඔය කියන දේම තමයි.

:       4       2

BamunuarachchiThursday, 21 January 2021 11:21 AM

සහීඩ්ට උත්තර දෙන්න ඕනෑ හැටි ඉගෙන ගත්තේ නන්දසේනගෙන්... වරදක් නැහැනේ.

:       1       4

BamunuarachchiFriday, 22 January 2021 11:45 AM

අපි උත්තර දෙන්න ඕනේ නැහැ මහින්දානන්ද අලුත් ගමගේ පාර්ලිමේන්තුවේ ලස්සනට දුන්නා නේද? මීක් කිව්වේ නැහැ.

:       0       0

banda Wednesday, 20 January 2021 11:25 AM

හරීන්, ඔයා එක්ක තරහින් ඉන්නේ... පරිස්සමෙන්...

:       4       2

මෝ Wednesday, 20 January 2021 11:55 AM

ඔය අර ක්‍රිකට් ක්‍රීඩකයා රට හැර ගිය එකට වෙන්නැති...

:       0       4

Ruhunu Wednesday, 20 January 2021 12:28 PM

ඇඳුම් නැතිව ආවානම් තමයි වටින්නේ..

:       1       4

නන්දසේන Wednesday, 20 January 2021 02:09 PM

ඔව් මට චරිත දෙකක් තියෙනවා. අපි ඔබ වෙනුවෙන් සුදු කොඩි දාන්නම්...

:       1       4

raheem Wednesday, 20 January 2021 02:26 PM

කලු ඇඳගෙන සුදු...

:       0       2

Thilin Wednesday, 20 January 2021 02:40 PM

ඇත්තම කතාව ඕක නෙමෙයි.. මෙයා පහුගිය ජන්දෙදී ලිස්ට් එකෙන් ආවේ මිනිස්සු ඉස්සරහට ඇවිත් ඡන්දය ඉල්ලලා අනිවාර්යයෙන් පරදිනවා කියලා දන්න නිසා.. මෙයා හොඳටම දන්නවා රංජන් කරපු වැරැද්දට ආපහු අවුරුදු 7ක් යනකම් ඡන්දෙ ඉල්ලන්න බැහැ කියලා. දැන් මේ කරන්නේ ඊළඟ ඡන්දෙට ගම්පහ මිනිස්සුන්ගේ ඡන්ද බලාගෙන කරන රංගනයක් විතරයි. මෙයා බලයේ ඉන්නකොටවත් මෙලෝ වැඩක් කරපු කෙනෙක් නෙමෙයි...

:       0       7

ara Wednesday, 20 January 2021 04:11 PM

ඔය වගේ වැඩවලට දක්ෂයින් දෙන්නෙක් ඉන්නවා. හැබැයි දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ...

:       2       3

Prasad Wednesday, 20 January 2021 04:12 PM

අනිත් අයට රතු සාටක.. නිල් සාටක දාන්න පුළුවන් නම් හරීන් කලු සාටක දැමීමේ වරදක් නැහැ.

:       2       2

chandima Wednesday, 20 January 2021 05:01 PM

ඒක හොඳයි.. කුණු ගෑවුණාට පේන්නෙත් නැහැ.

:       1       1

සිරිබිරි Wednesday, 20 January 2021 05:59 PM

සාටකයටත් ගිය කලක්...

:       1       2

දිලාන් Wednesday, 20 January 2021 06:11 PM

"සහීඩ් හරින් ප්‍රනාන්දු", ඔන්න හේතුව මෙයා පාස්කු ප්‍රහාරෙට 300 ක් මියගියත් එදා "කළු සාටක" දැම්මේ නැහැ.. රන්ජන්ගේ ප්‍රජා අයිතියත් අවුරුදු 07කට නැතිවුණු නිසා ඒ ඡන්ද ටිකට කෙල හලනවා..

:       1       7

Shantha Qatar Wednesday, 20 January 2021 07:22 PM

සුදු ඇඳගෙන කලු ඇවිත්... එච්චරයි කියන්න තියෙන්නේ.

:       0       2

chinthaka Thursday, 21 January 2021 03:05 AM

දේශපාලනයට තරුණ හදවල් අවශ්‍යයි... ඒත් මෙවැනි අය පාර්ලිමේන්තු නොඑවන්න ජනතාව දැනගත යුතුයි. ලබන පාර ලිස්ට් එකෙනුත් කැපෙන්න ඕනෑ.

:       1       5

Senarath Thursday, 21 January 2021 03:40 AM

මේ කරන්නෙත් අපහාසයක්.. තීන්දු හෙළා දකිමින් කළු පටි පැළඳීම සුදුසු නැත. මන්ත්‍රී වරප්‍රසාද අනිසි ලෙස යොදාගනිමින් කටයුතු කරන මොහුට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි.

:       1       4

N.hettiarachchi Thursday, 21 January 2021 05:38 AM

හරීන් ඔයාට නම් ඒ ඇඳුම හොඳට ගැලපෙනවා...

:       0       3

BamunuarachchiThursday, 21 January 2021 11:27 AM

බුර්කාව තමයි හොඳටම ගැලපෙන්නේ...

:       1       4

Rata Perata Thursday, 21 January 2021 07:42 AM

අපේ පාරම්පරික කුරහන් සාටකේ තිබුණු වටිනාකම හොර දේශපාලකයෝ විනාශ කළා. රතුද, කලුද වැඩක් නැහැ. ඔක්කොම ඒක කෑවා.

:       3       3

BamunuarachchiThursday, 21 January 2021 11:26 AM

දැන් තේරුණා නේද පාස්කු ඉරිදා මිනිසු කළු සාටක දාගෙන ඇවිත් අපේ අහිංසක ජීවිත ගණනකුත් විනාශ කළා. පාරම්පරික කුරහන් සාටකේ තිබුණු වටිනාකමත් කෑවා.

:       2       2

විජේ Thursday, 21 January 2021 09:57 AM

සුදු ඇඳන් ආවට මෙයත් කළු තමයි, නිකං කළු නෙවේයි... කට්ට කළු.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site